Saysh pov..
.බස් එකෙන් බැහැලත් මග දිගට මගෙ කදුලු ඔහේ වැටුනා...කොච්චර අමතක කරන්න හැදුවා උනත් චූටි අයියා කියලා හිතාගන අතට දුන්න හාදුව ඒ විදිහටම ගුලි කරන් උන්න විදිහ.....වෙන කාගෙන් වත් පොත් ගන්න එපා කියලා කෙලින් කියන්න බැරි කමට බලෙන්ම පොත් ගෙනත් දුන්න විදිහ.....කොච්චර උනත් ඒ නපුරු ඇස් මගෙ පස්සෙ පන්න විදිහ මතක් උන වාරයක් ගානෙම මට මහ වේදනාවක් දැනෙන්න ගත්තා ......
නොකියා නොකියා උන්නට මමත් ආදරෙයි නිර්වාන් ........
ඒකි උඹව මගෙන් උදුරගත්තා......
සාක්කුවෙ තිබුන ලේන්සුව අරන් මං ඇස් දෙක පිහිදගත්තා ....මොකද අනිවාර්යයෙන්ම දැන් අප්පච්චි ඉන්නවා.....තව පැය කීයද....යන්න යන මොහොතෙ මට බෑ අප්පගෙ හිත රිදවලා යවන්න.....
කමක් නෑ...නිර්වාන් ......වෙන්න තියන දේවල් වෙන්න නියම විදිහට උන දෙන්...උඹ එකපාරක් මගෙ හිනාව මැරුවා කියන්නෙ...මට පුලුවන් මගෙ ජීවිත කාලෙටම කවදාවත් හිනා උනෙ නැති එකෙක් ගානට ජීවත් වෙන්න........
චූටි....චුටි....දැන් ඉතින් හොද ළමයා වගේ ආපහු පරන චූටිම වෙන්න.......ගෙදර ගිහින් අඩන්නෙ නැතුව ඉන්න ඒක නිසා හිනා වෙලා ගෙදර යමු...මං ඔයාට හරි ආදරෙයිනෙ ලමයෝ.......!!
අතුරු පාර දෙපැත්තෙ තිබුන හිස් ඉඩම් වල මෙලෝම මගුලක් නැති උනත් මහපාරෙයි ඉඩම් මායිමයි මැද තියන අගල පුරාවටම බාලොලියා වැවිල තිබුනා.........(ගඳ පාන) පාට දෙකතුනක පුංචි පුංචි මල් එකතුවෙලා ලොකු මලක් හැදෙන බාලොලියා පදුර පුරාවටම හැදෙන බාලොලියා ගෙඩි පොකුරු කොලපාටින් වගේම ඉදිලා ඉදිලා වැඩිවෙච්චා කලූ...පාටින් දිලිසනකොට ගස් ගද ගහන්න හරි මං අගලට පැනලා එකම එක පොකුරක් කඩා ගත්තා......කන්න හිතක් තිබුන් නැති උනත් මට එකක් හපන්න ආස හිතුනා......
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!