මට.....රිදෙ....නව...නිර්....වාන්.....අ..නේ....හ්......
මට....රි...දෙනවනෙ......
මං ඇඩුවා...මට රිදෙනවා....කියපු මං ඇඩුවා....මෙච්චර වෙලාම මගෙ මූන මිරිකගන උන්න නිර්වාන් එක පාරම මගෙ අත අතෑරිය වගේම එයා එයාගෙම කොන්ඩේ අත් දෙකෙම්ම ඇදගත්තා ...ඒ විතරක් නෙවෙ...එයාගෙම කම්මුලට පාර පිට පාරවල් තුන හතරක්ම ගහනකොට බය උන මම බිත්තිය දිගේ රූට්ටලා බිම ඉදගන අත් දෙකෙම්ම මගෙ කන්දෙක වහගන ඇස් පියා ගත්තා ...
මොකද එයා එයාටම ගහගත්තා උනත් ඒ පාරවල් පුදුම තරම් සැරයි .....ඒ පාරවල් පුදුම තරම් සද්දෙයි...අනේ දෙවියනේ ඒ කම්මුල් කැඩේවි.....ඒ කම්මුල් ඉදිමේවි...............
මම ඇඩුවා...එයා මගෙ මූන කට මිරිකපු වේදනාවට වඩා මගෙ පපුවට දැනුන වේදනාව එක්ක මම ඇඩුවා...මං දන්නෙ නෑ...මං නිකන් වත් හිතුවෙ නෑ...නිර්වාන් කියන්නෙ මේ තරම් දරදඩු වස කෙනෙක් කියන්න මං හීනෙකින් වත් හිතුවෙ නෑ...මං කරපු හැම මෝඩ වැඩක්ම ඉවසන් උන්න නිර්වාන් කියන්නෙ මේ තරම් යකෙක් කියන්න දැනන් උන්නෙ නැති මං අනිත් පාර එයාගෙ නම කියලා ඇඩුවා...
අනේ...න්..නිර්වාන් ...එපා...නිර්...වාන්...අනේ......එපා...මං..බයයි...නිර්වාන් ...මං....
බයයි......අනේ..අන්...බයයිනෙ...
නිර්...වාන්.....මට රිදෙනවා ..නෙ...නිර්වාන් ............මං ඇඩුවා...නිකන් නෙවෙ....එහෙන් මෙහෙන් ළමයෙක් දෙන්නෙ ගියපු ඉස්කෝල වත්ත සම්පූරනම පාලුවෙලා යනකොට මම කෑ ගහලම ඇඩුවා......මං බයයිනෙ නිර්වාන් මට රිදෙනවනෙ නිර්වාන් කියලා කෑ ගහලම අඩන ගමන් මගෙ ඇස් දෙක තදිම්ම පියාගන්නවත් එක්කම නිර්වාන් එක පාරම මගෙ ගාව දන ඔබාගත්ත ......ඒ විතරක් නෙවෙ...මගෙ අත් දෙක අයින් කරලා එයාම මගෙ කන් එයාගෙ අත් වලින් වහගත්තා ........
ඒ විතරකුත් නෙවෙ....එයා මගෙ නලලට එයාගෙ නලල හේත්තු කරගත්තා ....... එහෙම්ම ඉන්නකොට මං බයටම තවත් ඇස් තද කරගත්තා .....
ඇයි.....චූටි...එහෙම කරන්නෙ......
උඹට විතරද රිදෙන්නෙ....මට එතකොට ....දවසම මාව මග අරිනකොට ....මට රිදෙන්නෙ නැද්ද සයාශ් ......උත්තර දියන් චූටි.....
මං ඉකි ගැහුවා .......යකෙක් වගේ කෑ ගහපු එයා අනිත් පාර කතා කෙරුවෙ කනට නෑහෙන ගානට වගේම සයාශ් කියනව වෙනුවට එයත් මට චූටි කියලා කියනකොට මට හයියෙම්ම ඉකි ගැහුනා........අනේ එයා මට ආදරෙයි......කොච්චර නපුරු කමක් තිබුනා උනත්......ඒ චූටි කියලා කියපු වචනෙ කිව්වෙ කාලයක් තිස්සෙ මගෙම ළඟින් උන්න කෙනෙක් ගානට වගේ වෙනකොට මට තවත් දුක හිතුනා...මට තවත් ඇඩුනා.............
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!