Sayash pov...
ඔන්න...ලොකුවා....ඔන්න එනවා........පොඩි නැන්දා එනවා...ඕක දාපිය..........
ඕකි පරල වෙයිද චූටියා........
පරල උනත් මොකො.....ඇහුනනෙ මලෙන් උපන් සමනලී කියපු කටකැඩුන කතාව...දාපි....ය....දාපිය.........ඕක.........මං මේ රතිඤ්ඤා කරල් ටික දාන්නම්......ආවා මෙතන අඥේ.....අක්කෙ..........හුක්කෙ......යැයි....යැයි......ගාන්.....දීගෙ ගැන කියවන්න......වරකො පොඩි නැන්දෙ අද.........
මම උන්නෙ අප්පච්චිගෙ බතික් සරමක් ඇදන් ඒක කඩන් වැටෙයි කියන බයට කොටු කොටු කොට කලිසමක් යටින් ඇදන්.......
මගෙ ජීවිතේ.....ලොකූගෙ....අප්පච්චිගෙ ....
අම්ම්ගෙ........අපි හැමෝගෙම හිතේ තිබුන හරි ලස්සන වගේම ....අපි දෙන්නා පොඩි කාලෙ අපේ ඉහටත් වඩා උඩින් තිබුන හීනයක්........මහ පරිමානෙන් නැති උනත්......කාමර හතරක් සාලයක්....බාතෲම් එකක්......කුසියක් එක්ක තට්ටු දෙකට හදාපු පුංචි ගෙයක්....නිර්වාන්ගෙ මාලිගාව වත්....සංජනගෙ මාලිගාව වත්.....ශෙනිරුගෙ මාලිගාව වත් මේ ළඟින් තියන්න බෑ...මොකද...ඒ තුන තිබ්බොත්....අපේ හීනෙ හරි කුඩාවට පේනවා....
මහා මන්දීරයක් නොවුනත් මොකද......මේකෙ අත්තිවාරමේ ඉදන් යටකරාපු හැම රුපියලකම තිබුනෙ අම්මා අප්පච්චිගෙ දුක් මහන්සිය වෙනකොට ....මට මගෙ ගෙදර...අපේ ගෙදර......ඔය මොන මන්දීරෙටත් වඩා ලොකු උනා.........
අපි ආවෙමහ පාන්දරම...හතරට විතර එන්නම් කියලා ගියත් මොකද...මගෙ නිරූ ඒ රෑම ආපයින්ම අපේ ගෙදර ආවා...අඩුම ගානෙ ඇදුමක් වත් මාරු කරලා තිබුන් නෑ...........එයාගෙ මූනම සම්පූරන කලු ගහලා තිබුනා.....අහනකොට මට කිව්වෙ අම්මා එක්ක රන්ඩු උනා කියලා විතරයි ....හැබැයි එයින් එහා මොකුත් කිව්වෙ නෑ....ඒ මූන දිහා බලාගන මට හාර හාර අහන්නත් හිතක් නැති උනා...මොකද තුවාලෙ තියන මනුස්සයා මිසක් වේදනාව දන්නෙ...කොච්චර වේදනාවක් දැනුනත්...පිටින් ඉදගන ඉවසන්න කියලා කියන අනිත් මිනිස්සු නෙවෙ.....
ඉතින්....එයාගෙම හිත හැදිලා මට ඇත්ත කියනකන් මං මොකුත්ම නාහා ඉන්න මගෙ හිත හදාගත්තා.......
මොකද මට බය හිතුනා ...ඒ කලු ගහඖ මුනෙ තිබුන ඇස් දෙක දැකලා......කවදාවත් මල් පිපුන වසන්තෙකට අයිතියක් නොකියාපු නිර්වාන්ගෙ එකම වසන්තෙ මම විතරක් වෙනකොට ...බාගෙට පිපීගන එනකොට සමහර තැන්වලදි මගෙත් පෙති මැලවෙන්න ගත්තා....පිපෙන්න ඕන කම තිබුනත්...සමහර තැන් වලදි මගෙ පෙති හැලෙන්න ගත්තා.........
VOCÊ ESTÁ LENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!