ස...සමාවෙන්න ..අනෙ ..ම්..මං හිතලා....
එච්චරයි මට කියා ගන්න පුලුවන් උනේ....අකුරු එකතු කර කර වචන ගැටගහපු මාව එයා තල්ලු කරලා ඇරිලා වගේම මගෙ පිටිපස්සෙන් උන්න සනාශ් මාව අල්ලගත්තෙ නැතිනම් මාව ආයම වැටෙනවා ......මොකද ඌ ඒතරන් වේගෙකින් මාව තල්ලු කෙරුවා .....
අනේ ලොකූ මං හිතලා කෙරුවෙ නෑ බන්....
ඒක ඉතින් ඕන ගොනෙක්ට තේරෙනවනෙ චූටි....ඒ මෝඩ මූසලයට නොතේරුනාට...මට නම් හිතෙන්නෙම මුන පුරවලා දෙකක් අනින්න....
ඒ උනාට බලපන් ඌ සමාව ඉල්ලපු මාව තල්ලු කෙරුවෙ නිකන් කුනු මාලුවෙක් ගානට.......හෙඩා හින්දද බන් ඔච්චර ඔලුව.....
ඌට නැග්ගද දන්නෙ නෑනෙ උඹ කිරි පිහන්න ගිය වෙලෙ......අනේ ඕකට ආය කවදාවත් නගින්න එපා.......ඒස් වාහ්...පූ...පූ...පූ......
වෙලා තියන මගුල් මදිවට විකාර නොකර ඉදින් සනාශ් අවංකවම මට මෙ ඉස්කෝලේ මහ තිත්තයි දැන්.....
අපි දෙන්නම උන්නෙ ගහක් යට.....කිරි ඉහිරුන ඇදුම පිහින්න ගියපු මට හෙඩාගෙන් හම්බුන රැවුම් ගෙරවුම් මැද මීට කලින් වෙච්චත් මතක් උනහම මට මේ ඉස්කෝලේ තිත්ත වෙලා ගියා වගෙ දැනුන .....කොච්චර නගරෙ හොදයි ..නගරෙ හොදයි ගෑවත් කොලඹට කිරි ගමට කැකිරි උනත් හිටපු වන්නිය හොදයි කියන එක අනන්තවත් හිතෙනකොට මං බලාගන ඩිෆියුටියා ෆුල් ෆේස් හෙල්මට් එකක් අරන් ස්පෝර්ට් රූම් පැත්තෙන් පිටිපස්සට ගියා වගේම ඇඩිඩාස් ස්පොර්ට් බෑග් එකක් උරහිසෙ එල්ලගත්තු යුනිෆෝම් එකෙ කිරි නාගපු හෙඩත් ඒ පැත්තට යනවා ....
ගමට වඩා කොච්චරද වෙනස්ද....ගමට වඩා මුන් කොච්චරද ඉස්සරහින්ද ....අපෙ අප්පච්චි අපි දෙන්නට ඵෝන් එකක් අරන් දුන්නෙත් මේ මෑතක...ඒකට මුන්ට ලයිස් එකටත් කලින් බයික් තියනවද කොහෙද ...මං හිතන්නෙ හෙඩා ගෙදර යනවා ... ..ගියපු දෙන්.....අපේ එකා කිව්වත් වගේ උඹට නගින්න එපා...
සනාශ්
ම්ම්ම්....මොකද
අරූ ගෙදර යනවා වගෙ...
ඒ වගෙ.... ඒක ඉතින් උඹ හිතලා කරපු දෙයක් නෙවෙනෙ චූටි අනික තමුසෙගෙ කටෙ සද්දෙ ගෙදර උන්ට විතරක් නොදා මුන්ටත් දාපන්කො....සමාවෙයන් කියලා වැද වැටෙන්න ඕනෙද .....අර ශෙනිරුවා...ඩිෆියුටියා ....හොදට බලපන්...මං මෙහෙන් අවුට් වෙලා ඕකට ගහලමයි යන්නෙ ......නිකන් නෙවෙ..ඕකගෙත් ඇට බහින්න ගහන්නෙ ....
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!