Nirvaan pov...
කරුනාකරලා ...උඩට....එන්න......
මම දත්මිටි කෑවා....ඒ විතරක් නෙවෙ...එතනම තිබුන උස ලෑම්ප් එකට පයින් ගැහුවා...ඒ තරමට...ඒ තරමට මට මගෙ ඇගේ ලේ කෝප උනා....
මං දන්නෙ නෑ...කවද හරි මගෙ නහරයක් ගහලා යනවා....දරා ගැනීම...ඉවසීම කියන දේ එක අංශු මාත්රයක් වත් නැති මට අම්මා එක්ක එන කේන්තිය පිටකරගන්න තැනක් නැති උනහම මම මුලු ගෙදරම බඩු පොඩි පට්ටම් කෙරුවා.......
මට ඒ තරම් කේන්තියි.....මට ඒ තරම් ඉවසීම නෑ....කොටිම්ම තරහවෙ අවසානෙ නිර්වාන් කියන්නෙ මානසීක ලෙඩෙක්...උන්මන්තකයෙක් කියන චරිතෙට හැරෙනකොට ඒ හැම දේටම වගකියන්න ඕන ගෑනු චරිතෙ අම්මා විතරයි කියන්න මගෙ ලේ නහරවලට පවා කා වැදිලා තිබුනා..........
නිර්වාන් .....මට උඹ එක්ක දැන් කතා කරන්න දෙයක් නෑ...උඹට පැය දෙකයි ක්ලාස් ....එතනින් එහා
එතනින් එහා මං මොකුත් කරන් නෑ...පුලුවන් දෙයක් කරපන්...මං හෙට කොහෙවත් යන්නෙත් නෑ...උඹට පුලුවන් මොනවද...ඒක කරපන්.....උඹට පුලුවන් කෑගහන්නෙ ඒකත් කරපන්....උඹට පුලුවන් මට ගහන්නෙ...ඒකත් කරපන්....ඒ ඔක්කොමත් කරලා....ඒ හැම දේමත් කරලා...උඹට මාව මෙල්ල කරගන්න බැරි උනොත්...පන්සලෙ ඇතාට හෙන්ඩුව තියනවා වගෙ....උඹට පුලුවන් ....උඹට....උඹට ...
නිර්වානයා...නිර්වාන් ......ඇති....ඇතී...මේ එ අහපන්...වරෙන්...වරෙන්.....වරෙන් උඩට යන්න..කෝ...හොද එකා වගේ වරෙන් නිර්වාන්....
නිරූ...
මේහ්...ටානියා...අම්මගෙ රෙද්දක් නොකර ආව දිහාවකට පලයන් ආ....ආව මෙතන නිරූ ගාන්...උඹට මුගෙ අතින් මැරෙන්න ඕනා නම්...ඉදපන්...නැත්තන් පලයන්....
අනේ...අන්ටී......
ශෙනිරු ....
අනෝමා ඇන්ටී...කරුනාකරලා ....ඔයා පාඩුවෙ ඉන්න...හරිද ..මුගෙ හැටි දැන දැන නිකන් බොරුවට මූව තවත් ලෙ..........මට මෙතනින් එහා කියන්න බෑ....කරුනාකරලා එක්කො ඔයා උඩට එන්න....නැත්තන් ....ඔන්න ඔය බාර් කාරිව යන මගුලක අරන් යන්න.........
මං උන්නෙ දත් මිටි කාගන....කොච්චර හයිය තිබ්බත් තරවෙ අවසානෙ මට මගෙම විශ කැවිලා අඩපන වෙලා යනවා හා සමානව අඩපන වෙනකොට ශෙනිරුවා ඇවිදින් මගෙ අත පයහතරම කිටි කිටියට අල්ල ගත්තා වගේම ආයමත් ටානිය මගෙ ගාවට එන්න හැදුවා...මේ ඔක්කොමත් එක්ක කවදාවත් මගෙන් මේ වගේ හැසීරීමක් ඇතියි කියලා හීනෙකින් වත් නොහිතපු මගෙ චූටි බය වෙලා කදුලු පුරවන් ඒකගෙ අයියගෙ අත මිරිකන් ඉන්නකොට මං බලාගන සීතම්මා ගෙනාව බෙහෙත් පෙති දෙක තුන දාලා උඩට දුවනවා......
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!