57 වන කොටස....

4.9K 858 500
                                    

බබා....

ම්ම්ම්.......

ඔයාට දොයි මත නම් දොයියන්න.....

මං නිර්වාන් දිහා බැලුවා...මොකද ...මගෙ සයාශ් ...මගෙ චූටි අවාරෙට පොල් වැටෙනවා වගේ මගෙ ලමයා කියන  එයා හරීම කලාතුරකින් මට ඔය වගේ කතාවක් කියන්නෙ...ශෙනිරු එහෙම නෑ...අරූට රටේම තියන නම් කියනවා......එකක් කියලා නෑ.....ඒත් මගෙ නිර්වාන් හැම වෙලේම එක නමක් ගාව සීමා උනා....

තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මා දිහාවත් නොබලම බබා ටිකක් දොයියන්න කියනකොට මට පුදුම හිතුනා..මොකද ...මමයි හැමදාම හුරතල් කතා කිව්වෙ.....මමයි හැමදාම දොන්ත කතා කිව්වෙ...ඒත්..මගෙ නිර්වාන් දැන් වෙනස් වෙලා....

මංදා...මං ඒ වෙනස් වීමට සතුටු වෙන්නද......නැත්තන්...දුක් වෙන්නද...කියන්න මට තේරුම් ගන්න අමාරු උනා......

නිර්වාන් ......

මං මිමිනුවා...මෙච්චර වෙලාම හුරතල් වදන් මගෙ ඔලුව කරකවන කතා කිය කිය හුරතල් උන ලොකුවා ශෙනිරුට ගුලි වෙලා පස්සෙම ශිට් එකේ නිදාගන උන්නා..  එතන උන්ට ගුලි වෙන්න ඉඩක් නෑ.....තුරුල් වෙන්න සැපට නිදාගන්න විදිහක් නෑ......බෙලි කඩා  එක්කො වැටෙනවා නැත්තන් අත පය හිරි වැටෙනවා....ඒත්.....මං බලාගන ශෙනිරු සනාශ්ව අත්දෙකෙම්ම තුරුල් කරන් උන්නා....ඌට ඇත්තටම නින්ද ගිහිල්ලා....උන් දෙන්නටම ඇත්තටම නින්ද ගිහිල්ලා.........

නිර්වාන් ....

කලින් පාර මුමුනපු මං ඊලග පාර ටිකක් කනට ඇහෙන ගානට කතා කෙරුවා ....

ම්න්...කියන්න බබා....ඇයි....මගෙ බබාට දොයිය මත නැද්ද.....

නිර්වාන් ......ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ......

ඔහොම කියන්නෙ....

ඔය විදිහට ...මං අහන්නෙ.......ඔයා...කවදාවත් ඔය වගේ හුරතල් වචන නොකියපු හන්දා.....

මං නිර්වාන් දිහා බලාගන උන්නා..එක අතකින් ඩ්‍රයිව් කරපු නිර්වාන් අනිත් අතට මගෙ අත පටලව ගත්තා ...හැබැයි මන් දිහා බැලුවෙ නෑ......

මං හුරතල් වචන කියන්නෙ...උඹ බරපතල වචන කියන හන්දා....

නිරූ....

එක ඔයාට ගැලපෙන්නෙ නෑ සයාශ් ...හරියටම හිට්ලර් ජෝක් කරනවා වගේ මං හුරතල් වචම කියනකොට ....එහෙම නේද....න්න ඒ වගෙමයි....උඹත්....හුරතල් වෙන්න පුලුවන් වයසක් නෙවෙ...ඒත්.....උඹට පුලුවන් නෙ මගෙ ගාව උඹම වෙන්න.........උඹට පුලුවන් නම් කතා පොත්වල චරිත බබ්බු කරලා ලියන්න.......ඇයි සයාශ් මගෙ ගාව බැරි උඹට ආයම බබෙක් වෙන්න.........

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now