47 වන කොටස.....

3.1K 816 161
                                    

මගෙ පපුව ගිඩි ගිඩි ගානවා......මෙච්චර සෙනග ගොඩක්මැද....මගෙ නිර්වාන්ට උන්නෙ අපි තුන් හතර දෙනා විතරයි .....මේ මිනිස්සු හැමෝම කෑගහන්නෙ මේ රින්ග් එක ඇතුලෙ උන් හැමදාම දකින මූනට වෙනකොට කව්ද දෙවියනෙ අලුතෙන් ආව මූන ගැන විස්වාස කරන්නෙ....

උන් උන් පොරකාගන්නවා....නිර්වාන්ගෙ ප්‍රතිවාදියට ලන්සු තියනවා...ඒත් මගෙ නිර්වාන් වෙනුවෙන් ලන්සුවක් තියන්න බල්ලෙක් නෑ....

සාධාරනයි....උපරිම සාධාරනයි .....නිර්වාන්ම නිර්වාන් කියන්නෙ කව්ද කියලා මෙ  හැමෝටම පෙන්නන තාක්...මේ හැමෝටම නිර්වාන් කියන්නෙ නිකම්ම නිකන් පරාජිතයෙක් විතරයි ...

දන්නවද...මිනිස්සු පරදින්න ඕනා.....හැම තැනම දින්නම ඕනා කියලා නීතියක් නෑ   හැබැයි....ඒ නිකම්ම නිකන් පරාජිතයෙක් විදිහට නෙවෙ  .....විරුද්ධ වාදියට ප්‍රභලම සටනක් දීලා..හරියටම ඌ උගෙ ජීවිතේම කැපකරල මෙ දිනුම ගත්තා කියන හැගීම උගෙ පපුවට කාවද්දලා......

මිනිස්සු සමහර තැන්වල පරදින්න ඕනෙ....බලන් ඉන්න මිනිස්සුන්ගෙ හිතේ කවදාවත් අමතක නොවෙන මතකයක් දීලා.......ඒකයි...යුධ පෙරමුනේදි පපුවෙ ලේ සලකුන එක්ක සදහටම පරවුන පොපිමල් වලට මිනිස්සු යුධ වීරයො කියන්නෙ....සතුරා ඉදිරියේ පරාද උනත්.........ඒ පරාද වීම අපි කාගෙවත් හිත් වලින් අමතක කරන්න බැරි විදිහටයි ඒ මිනිස්සු යන්න ගියේ....

මං බලාගන උන්නා........හතර වටම මිනිස්සු කෑගහනවා....

ඩේමියන්....ඩේමියන්...ඩේමියන්!!!

ඩේමි....ඩේමි....ඩේමි....ඩේමි......!

හිතන්න...මේ සිය ගානක් මිනිස්සු කෑ ගහන්නෙ නිර්වාන්ගෙ ප්‍රතිවාදියා දිහා බලාගන......මගෙ නිර්වාන්ට මොනවා නම් දැනෙනවා ඇතිද...අපි හතර දෙනා නිර්වාන් නිර්වාන් කියලා කෑ ගැහුවත්.....මහෙ නිර්වාන්ට ඇහේවිද.....

නිර්වාන් ...අනිවාර්යයෙන්ම .......පැරදුනත්......උඹව පරාද කරන්න අමාරු එකෙක් විදිහට පැරදියන්.....

මගෙ නිර්වාන් .......උඹට අද උඹගෙ නම නෑහේවි....ඒත්  දවසක් ඒවි............මුලු හතර කොනම නිර්වාන් කියලා කෑගහන.....

නිර්වාන් ....නිර්වාන් ...නිර්වාන් ...නිර්වාන් .....

මං නැගිටලා කෑ ගැහුවා......මගෙ කටහඩ ඇහෙන්නෙ නැති බව දැන දැන උනත්....මං  කෑගැහුවා...

D€VOT€D TO ¥OU🖤(✅✔️)Where stories live. Discover now