මොන මගුලක්ද සනාශ් උඹ ඒ කෙරුවෙ.....
ඇයි....සැලලිහිනි සංදේශෙ කවියක්නෙ කිව්වෙ..
උඹගෙ රෙද්ද.....තමයි....
කෙල්ලො කොල්ලො එක පෝ....ලිමට ඔෆිස් එක ඉස්සරහා දනගහන් ඉන්නකොට මන් අරූව පුලුවා....න් තරම් කෙනිත්තුවා .....එතනින් එහාට මෙහාට පාස් වෙන උන් අපි දිහා බැලුවෙ හරියටම පන්සලෙ පින් කැටෙ කඩපු උන් ගානට වෙනකොට කොයි මගුලටත් යැයි යැයි ගාන පබලු වැලක් බෙල්ලෙ අටවගත්තු පර්ස් එක කොයි වෙලෙත් කිහිල්ලෙ ගහගත්තු ජීවිතේටවත් ලමා කාලයක් තිබුනයි කියලා මතකයක් වත් නෑ වගෙ හැසිරෙන සමහර මිස්ලා කම්මුලට අත ගහන් තවත් මිස්ලා එක්ක කෝප්පෙ හේදුවෙ මුන්ව කවදාවත් හදන්න බෑ කියලා වෙද්දි අච්චරත් දෙයක් කියපු සනාශ් ඔලුවත් කස කස ඈනුම් යැව්වා ......ඒ විතරක් නෙවෙ ආව දවසෙ පැයක් යන්නත් කලින් ඌ ඌටම කියලා කාර්ඩ් එකකුත් හදාගත්තා ....."සැලලිහිනියා" කියලා ...
මං පුලුවන් තරන් මගෙ නිවුන්න උන සැලලිහිනියට දෙස් දෙවොල් තිබ්බා...අනේ ඌට නෙවෙ ගානක් උනේ ඌට විතරකුත් නෙවෙ....
දන්ගහන් උන්න උන්ටත් නෙවෙ ගානක් තිබ්බෙ....උන් එතනත් පෝලිමෙ ඉදන් අපේ එකාට තවත් අනම් මනම් කියනකොට මුගෙ පෙට්ටි හිනාවෙනුයි වක්කඩ කටටයි ආර්ට් එකේම උන් වසී වෙලා ඉද්දි අප්පච්චි ගෙ අනාගත ලේලි වෙන්ඩ මාන බලන එකියෙක්වත් මට ලාවට ලාවට වගෙ මීටර් වෙද්දි තවත් රවාගන ඉන්න ඇස් දෙකකුත් මං අහම්බෙන් දැක්කා.....හෙඩා නේද.......
ඔව්මයි.....පන්තියෙ ඉදගන ඒකා දනගහන් උන්න අපිදිහා මරාගන කන්න තරම් බැල්මකින් රවාගන උන්නා....
සනාශ්....
ම්ම්.....ඇයි...මොකද...
සනාශ් උන්නෙ එහා පැත්තෙ කොල්ලා එක්ක අපේ පරන ඉස්කෝලේ කෙරුවාව කියන ගමන් වෙද්දි හෙඩාගෙ උකුසු ඇස්වලට අහු උන මම සනාශ්ට වැලමිටෙන් ඇන්නා...
අර බලපන් අර අරූ...
මොකාද..
අර හෙඩා....
කෝ කෝ..කොහෙද ඕකා...
අර සයන්ස් එකේ....
මොකේද...
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!