සංජන යන්න ගියා...මං තවමත් සිමෙන්ති බංකුවෙ......සංජන හොද කෙනෙක් වෙයිද ...නරක කෙනෙක් වෙයිද....මගෙ නිරූ කිව්වා වගේ.....අපි හැමෝටම බලන් ඉන්න වෙනවා...මොන දේ කෙරුවත් අර ගෑනි කොහොම ආදරේ දුන්නත් ...ඒ දෙන්නම තේරුම් අරන් තියෙන්නෙ එතන තියෙන්නෙ ආදරයක් නෙවෙ මායාවක් කියලා .....රැවටීමක් ...පාවිච්චි කිරීමක් කියලා ....
මං ඉදගන උන්න තැනින් නැගිට්ටා. .අරූව ඇදන් ගිය විදිහට ඌව මරල හංගලද දන්නෙ නෑ...නිර්වාන්ට හපන්...ඌට තියෙන්නෙ උගෙ අප්පච්චි ගෙ මිලිටරි ගති....කවදා හරි අරූට වෙන්නෙ විසි හතර පැයම ගෙ දොර අතුගාගනම ඉන්න....පුකට එලිය වැටෙනකන් නිදියලත් හමාරයි... උන්ගාව නීති වැඩී...උන්ගෙ නීති තදයි ....නීට් එක නම් උපරිමයි....මාත් උඩ පැන්නත් මටත් දවසක නිර්වානයා ගහාවි සඳ බොද වෙන්න......
මොනව කරන්නද චින්තක්ගෙ දරුපැටව් දෙන්නා දැන් ප්‍රේමෙන් මුසපත් වෙලා අන්ධ වෙලා ඉවරයිනෙ....අප්පච්චිට කියන්න ඕනෙ අපි දෙන්නව බන්දලා දෙන දාට දෑවැද්දට දම්මික පැනි අරන් දෙන්න කියලා ...
ඇත්තටම නිර්වානයා ලොකු උනහම මාව බදීද.. .???
ආ..ආ...ආ..නොබැන්දොත්නෙ වැඩේ වෙන්නෙ .......ඇත්‍තමයි ඕකා මට බූට් එකක් තියන්න හැදුවොත් ගේ ඉස්සරහට ගිහින් ගිනිතියාගන්නවා....ඇයි යකො.....
ඒ උනාට...කොහොම උනත්..මට ඕනෙ බදින දාට මනමාලිව දැක්කම අඩන මනමාලයා වගෙර් නිර්වානුත් මාව දැකලා අඩන්න.....ඇයි යකො...ෆුල් සූට් ගහලා මේ යන්නෙ ඌට බත් තම්බන්න රෙදි හෝදලා දෙන්නනෙ.....
මට උඹ නැතුව හරි පාලුයි නිර්වාන් .....උඹ ළඟ ඉන්නකොට කල්පයත් තත්පරයක් වගේ....
උඹ දුර ඉන්නකොට ...ගෙවෙන තත්පරෙත් කල්පයක් වගේ.....කොච්චර නපුරු උනත් උඹගෙ වයසට උඹ දෙන ආදරේ හරි බරයි නිර්වාන් ....උඹ කිව්වා වගේම මමත් හොදට ඉගන ගන්නවා........මන් හිතන්නෙ අද ගුරුවරුන්ට රැස්වීම තිබ්නෙත් වාර විභහගෙ ගැන කතා කරන්න වෙන්න ඇති.....අනේ මන්දා මොනවා ලියන්නද කියලා ....විචාර ලියනකොට හිතේ තියන දේ එක පාර බස බස ගාලා කොලෙ උඩ ලියවෙනවා නම්....ඒකත් එකක්.....ඇයි යකො අත කඩාගන ලියන්න ගියහම එපා වෙනවා...
ESTÁS LEYENDO
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanficනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!