මො...මොකක්.....බ්ලොක් කෙරුවා නේත මාව....
හරිම ආනන්දජනකයි....හරිම ආනන්දජනකයි .....ප්‍රීතී....ප්‍රීති.....මන්ත්‍රී පුතුනුවන්ගෙ සත්ගුනවත් ක්‍රියාවලිය බොහොම අගෙයි........
හෙඩා මාව බ්ලොක් කෙරුවා .....ස්ටඩි කරනවා කියලා කියපු හෙඩා මම පස්සෙ ටෙක්ස්ට් එකක් දාන්නම් කියලා මාව බ්ලොක් කෙරුවා ....
අමෝර්..අමෝර්...මාරි කියුරි නෙමැයි ඔච්චර ස්ටඩී කරන්න....හිටපන් හිටපන්...මාත් අතපල්ලෙන් වැටිලා නෙවෙනෙ...නේ........
මම මගෙ දිව පැත්තට දාන් පොඩ්ඩක් හපාගන අර කොල ගෙම්බා වගේ ඉදන් ටුකු ටුකු ගාලා ඩිස්ප්ලේ එකට කොටන්න ගත්තා .....
You blocked NIRVAN ABEYSEKARA you can't message or call them in this chat......
ඉදා තොට....ඉදා...ඉදා තොට......දැන් හරිනෙ....අපිව බ්ලොක් කරනවා නම්....ඇයි අපි ආපිට බ්ලොක් නොකරන්නෙ...........
අපි ඔය අනිත් උන් වගේ නෙවෙ හාන්දුරුවනෙ......අපිව බ්ලොක් කෙරුවොත් අනේ...හුනේ....ආයම අන්බ්ලොක් කරන්න ගගා නට නට යන්නෙ නෑ අපිත් ආපිට බ්ලොක් කරනවා මිසක්.....
හරිනෙ.....එහෙනම්...හෙඩා උඹට ගෞරවයෙන් බුදුසරනයි !
මං හෙඩාව බ්ලොක් කරලා එහෙම්ම වට්සැප් එක පැත්තට ගියා ..හැබැයි මට වට්සැප් එකේ ලෝගො එක විතරයි මගෙ නේත්තරා දෙකට දකින්න හම්බ උනේ........ලොකු නැන්දගෙ උච්ච ස්වරෙ විශ්වය පුරා විහිදි යන්න ගත්තා
චූටියා...........
යෝ.......අදත් මොකක් හරි වැරද්දක්ද දන්නෙ නෑ......
චූටී.......
ඇයි අනේ...ඇයි....මේ එන ගමන්...එන ගමන්...මග..මග.......
මෙහෙ වරෙන්...මෙහාට වරෙන්....
මම ඔබ ඔබ උන්න ඵෝන් එක ඇද උඩට දාලා ආපහු සාලෙට යනකොට මලගෙදර යන්න සුදු වතින් සැරසී යක්සාවේසෙන් ඉන්න ලොකු නැන්දගෙ මුන කුන්ඩහට්ටියක් වෙලා තිබුනා.....සාලෙ කොනක ලොකුවා උගෙ අඩු දෙකත් මෑකරල් දෙකක් ඔතාගන වගෙ ඵෝන් එක කකා ඉන්නකොට මම ඇස් කරකවලා ලොකුවා දිහා බලන් උන්නා...
මං හිතන්නෙ මුගෙ ඵෝන් එබිල්ල ගැන රිපොර්ට් කරන්න වෙන්න ඇති මට අඩගහන්න ඇත්තෙ.......
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!