නි..නිර්වාන්...අනේ...නිර්වාන්..එපා....
අනේ.....හ්මට කතා කර ගන්න බැරි උනා......ඉන්දවුන මට එතනින් එහා කතා කරගන්න බැරි උනා...නිර්වාන් ...
මගෙ නිරූ........මගෙ නිරූ අනේ එයාට අමාරුයිලු...එයාට අමාරුයිලු...එයා ඉස්පිරිතාලෙ ලු....
අනේ මගෙ නිර්වාන් .........ඇයි අයියෙ මං උඹට මොනවද කියලා යැව්වෙ.....
හැන්දෑව තිස්සෙම මගෙ පපුව ඇදුම් කෑවෙ මේකටද නිර්වාන් ....උඹට රිදුන හින්දද මට රිදුනෙ.....උඹට වේදනාවක් දැනුන හන්දද නිර්වාන් මට රිදුනේ.....
එයාට තුවාලයි.......කතා කරන්නෙ ලොකූ කියලා හිතාගන හෙලෝ කියන්නවත් නොදී ශෙනිරු කියපු කතාව අහපු මාව එහෙම්ම ඇදගන වැටුනා වගේම හුස්ම හිර කරපු පපුවට මං එක අතකින් ගහගත්තා .....
අප්පච්චි ගෙන් පස්සෙ මට මගෙ ඇගේ හැම ලේ නහරෙකටම කා වදින්න හාදුවක් දුන්න එකම පිරිමියා උන..කොච්චර නපුරු කම් කෙරුවත් හංග හංග ආදරේ දුන්න නිර්වාන් ඉස්පිරිතාලෙ කියනකොට මට වාවන්න බැරි උනා....
චූටි.....
චූටියා......
ල්...ලොකූ....
චූටි කොහෙද මේ දුවන්නෙ....චූටි නැවතියන් චූටි...මල්ලි......නැවතියන් යකො.....
මං දිව්වා...බිම ඉදන් හුස්ම හිර උන පපුවට මිට මොලවලා ගහගන්න ගමං උන්න මං අනිත් පාර ඵෝන් එකත් අතට මිරිකන් මහ රෑම දුවන්න ගත්තා ....මට මගෙ නිර්වාන්ව බලන්න ඕනේ...මොන දේ උනත් මට වැඩක් නෑ..මට වැඩි දුර දුවා ගන්න බැරි උනා උනත් මට පුලුවන් දුරක් හරි දුවන්න ඕනා උනා...මට මගෙ නිර්වාන්ගෙ ගාවට දුවන්න ඕනා උනා........
පොල් අත්තක් අරගන යන ගමන් උන්න ලොකුවා අඩ අඩ දුවන මාව දැකලා උගෙ අතේ තිබුන පොල් අත්තත් දාලා දුවගන මගෙ පස්සෙන් පන්නන්න ගත්තා ...
චූටි ඔහොම නැවතියන් කිව්වම අහල ඔහොම නැවතියන් චූටි මොන මගුලෙද මේ රැස් තිස්සෙ දුවන්නෙ ...
මං දිව්වා.... ලොකුව මගෙ පස්සෙන් දුවගන් එන ගමන් පුලුවන් තරම් කෑ ගගහා නවතින්න නවතින්න කිව්වා උනත් මම කෙරුවෙ අඩ අඩ දුවපු එක වෙනකොට පිටිපස්සෙ ගේට්ටුවෙනුත් එලියට දුවපු මං පාර දිගේ දුවන්න ගත්තා
YOU ARE READING
D€VOT€D TO ¥OU🖤(✅✔️)
Fanfictionනිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!