එදා මොන දේ කරලා හරි මට ඔයාව යන්න නොදී නවත්තගන්න තිබුනා යශ්.එහෙම වුනානම් අදටත් ඔයා මං ලග.මට සමාවෙන්න යශ්.
"Sir"
"ohh.... one more glass please"
පාට පාට නියෝන් එලි අස්සේ අතරමන් වෙන ගමන් අතීත මතක අස්සේ ගිලිලා උන්න මං මේ ලෝකෙට ආවේ serve boy කෙනෙක් ගේ කටහඩින්.
මගේ කන් ඇතුලේ තාමත් අරු basement එකේදී කිව්ව් දේවල් දෝංකාර දෙනවා.යශ් රැවටිලා.සල්ලි වලට ආත්මේ උනත් පාවා දෙන කොන්ද පන නැති පොන්නයෙක් වෙච්ච කුලසේකර බල්ලා, කවුද කියලවත් නොදැන එක කෝල් එකකින් වගේම අකවුන්ට් එකට වැටුණු ලක්ෂ පනහකින් යශ්ව ලේසියෙන්ම පාවා දීලා.එදා ඌ යශ්ට එන්න කිව්වට.ඌ යශ්ව හම්බ වෙන්න ගිහින් තිබුනේ නෑ.ඌ කරලා තියෙන්නේ කෝල් එකෙන් කතා කරපු නාදුනන මිනිහට යශ් ඌව හම්බෙන්න එන තැන කියපු එකයි.එතනින් එහාට යශ්ට මොකද වුනේ කියන එක වගේම Master Shadow මේකට සම්බන්ද වුනෙ කොහොමද කියන එක අදටත් අභිරහසක්.
ඒ තිරිසනා කතා කරවන්න ඒ වෙද්දීත් මං නුර්වී ගෙනත් දුන්න equipments වලින් ඌට දස වද දීලා තිබුනත් උගේ වචන එක්ක මට මාවම control නැතුව යද්දී ඌට සිහි නැතිවෙන්නම මං බිමදාගෙන ගැහුවේ මොනදේ කලත් මට ඌව මරන්න තහනම් නිසා.
කමක් නෑ Mr.කුලසේකර පාරේදී සමහර වෙලාවට හදිසි අනතුරු එහෙමත් වෙනවනේ.කවුද දන්නේ ඔයාටත් හදිස්සියෙවත් එහෙම එකක් උනොත්.
"මොකද යකෝ තනියම හිනා වෙන්නේ.තොට සයිකොද"
කුලසේකර කාරයට හදිසි අනතුරක් plan කර කර හිටපු මගේ මුනේ තිබුන සයිකෝ හිනාව දැකලා එතනට ආපු අභිසෙස් අහද්දී මං කලේ තවත් මගේ මුනේ තිබුන හිනාව වැඩි කරපු එක
"මොකෝ උබ කුලසේකරයව මරන්න බැරි හින්දා ඌට accident එකක් එහෙම plan කරනවද"
"හ්ම්ම්ම් උබ දන්නවනේ මං ලේසියකින් කාටවත්ම සමාව දෙන එකෙක් නෙමෙයි කියලා"
"මොකද මං නොදන්නේ සිසිලියේදී උබේ බයික් එක හප්පලා උබට සද්දයක් දැම්ම කාර් කාරයාගේ කාර් එක චප්ප චුරු වෙන්නම වැඩ සෙට් කරපු මිනිහනේ"
"මොකා වුනත් දැන ගන්න ඕනේ තැනේ ඉන්න.අනික උගේ වැරැද්ද තියන් නේ ඌ මට සද්දේ දාන් ආවේ"