"මං දන්නවා ඔයා මට සමහර විට සමාව දෙන්නේ නැති වෙයි ඒත් මං කවදාවත් මං කරපු කිසි දෙකට පසු තැවෙන්නේ නෑ.ඒ නිසා මට කියන්න තියෙන්නේ එක දෙයයි මොන දේ සිද්ද වුනත් මං ඔයාට දුන්න ආදරේ බොරුවක් නෙමෙයි.
සමහරවිට ඔයාට මේක ලැබෙද්දී මං ඉන්නවා ඇත්තේ ජීවිතයත් මරණයත් අතර වෙන්න පුළුවන්.ඒ නිසා පුලුවන්නම් අවසාන වතාවට මට සමාව දෙන්න අකමැත්තෙන් උනත් ඔයාව රවට්ටන්න සිද්ද වුන එකට"
හ්ම්ම් මගේ හිතට සැනසීමක් දැනුනා.මෙච්චර වෙලා රෙකෝඩ් වෙවී තිබුන මගේ වීඩියෝ එක close කරපු මං lap එක වහලා තියලා කුස්සියට ආවේ ආදිත්‍ය එන්න කලින් මොනාහරි කන්න හදන්න.
ඊයේ රෑ සිද්ද වෙලා තියෙන දේවල් වල හැටියට අපි හිතනවට වඩා ඉස්සරහට දේවල් නරක් වෙන්න පුළුවන්.ඒ වගේම සමහරවිට මේ දේවල්වල අවසානේ මට ජීවත්වෙන්න අවස්ථාවක් නැති වෙයි.
බැරි වෙලාවත් එහෙම උනොත් මට ඕනේ වුනා ආදිත්‍ය මට වෛර කරන එක නවත්තන්න.ඉතින් ඒ නිසා මං මෙච්චර කාලයක් කරපු හැමදේකටම හේතු වගේම සමාව ඉල්ලලා වීඩියෝ එකක් රෙකෝඩ් කළා.මං දන්නවා අනිවාරෙන්ම මේ දේවල්වල අවසානේ ආදිත්‍ය මට සමාවක් දෙන එකක් නැති වෙවී ඒත් මට ඕනේ වුනා එයාට දැනගන්න දෙන්න මං කරපු හැමදේටම මට හේතු තිබුනා කියන එක.
ෆ්‍රිජ් එකෙන් ගත්ත කැරට් අලයක් සුද්ද කරන ගමන් මං කල්පනා කලේ උදේ මං අභිට කෝල් එකක් අරන් ටිකකින් මට නුර්වී call කරලා කිව්ව දේවල් ගැන.
උන් අපි හිතුවට වඩා බුද්ධිමත්.මං හිතුවේ ආදිත්‍යත් මං ලග නිසා hospital එකේ ආරක්ෂාව ගැන අපිට වැඩිය වද වෙන්න දෙයක් නෑ කියලයි.ඒත් මං වැරදි ,සම්පුර්ණයෙන්ම වැරදි.උන් අපිව බලාපොරොත්තුවෙන් ඉදලා තියෙන්නේ.
ඊයේ රෑ අධිකාරිගේ hospital room එකට හොරෙන් යන්න ගිය අභිව උන්ට අහු වෙන්න ගියත් අනු නවයෙන් වගේ අභි එතනින් බේරිලා.අභිව අන්තිම මොහොතේ අහුවෙන්න ගියත් ඌ බාර දුන්න වැඩේ ඒ විදිහටම කරලා තිබ්බා.මේ වෙද්දීත් අභි අධිකාරිට ඊයේ රෑ ඉන්ජෙක්ට් කරපු පොයිසන් එක උගේ ඇග පුරා දුවනවා ඇති.
ඉක්මනටම doctors ලටවත් හොයාගන්න බැරි විදිහට අධිකාරි පැරලයිස් වෙවී.අපේ වැඩේ අපිට ඕනේ විදිහට සිද්ද වුනත් අන්තිම මොහොතේ අභිව උන්ට අහු වෙන්න ගිය එකෙන් උන් අනිවාරෙන්ම දැන් අපි ගැන හොයන්න පටන් ගනීවි.