Previous Chapter...
"සහස්ය එයා මේ..."
"නුර්වී හම්බෙන්නත් තියෙන නිසා මට පරක්කු වෙනවා ආදිත්‍ය මං එහෙනම් ඉස්සල්ලා යන්නම්."
ආදිත්යට කතා කරන්න නොදීපු මං හම්බෙන්න හිතලවත් නැති නුර්විව හම්බෙන්න යනවයි කියන ගමන් කැබින් එකෙන් එලියට ආවා.
*******************************
පුස් ගදයි මලකඩ ගදයි එක්ක හාමු වෙලා යන්තමට දැනෙන ලේ කුයිලෙත් එක්ක මං යකඩ පඩි පෙලේ පඩි එකින් එක හරි හිමිහිට බැස්සා.මුසලයි,බලන බලන අත හිතට දැනෙන එකම හැගීම ඇග හිරි වට්ටන මුසල හැගීම වෙද්දී ඒ හැගීම පරයාගෙන එකම එක මර ලතෝනියක් basement එක පුරාවට දෝංකාර දුන්නා.
"මට යන්න දීපන් යකෝ,තොපි දන්නවද මං කවුද කියලා,මට අත තිබ්බයි කියන්නේ මාරයට අත වැනුවා වගේ වැඩක්,තොපි..ආආආ..."
ගැට ගහලා අච්චර වද දීලත් මේ යකාගේ කටේ ලොකු කමනම් අඩු වෙලා නෑ.නුර්වී හම්බෙන්න යනවයි කියලා ආදිත්‍යටත් බොරු කියාගෙන මං ආවේ secrete palace එකේ basement එකට.මං එද්දිත් අභි අරූට ලෙසටම වැඩේ දීලා තියෙද්දිත් ඌ ලැජ්ජා නැතුව තවත් උගේ ලොකු කම් කියෙව්වා.හැබැයි වැඩි වෙලාවකට නෙමෙයි.
අත් දෙකෙන් උස්සලා බාල්කෙ ගැට ගහලා උන්න උගේ පිට හරහා යකඩ නකල්ස් අල්ලපු කසේ යද්දී ඌ ලොකු කම් කියවන එක පැත්තකින් තියලා හු තියන්න ගත්තා.පිට පිට ලැබුණු පහරවල් එක්ක විලි වහගන්න කියලා සර්වාන්ගෙටම චුටි යට කලිසම විතරක් තිබුන අරුගේ මුළු පිටම තනිකර මස් වහල්ලක් උනා.
මෙච්චර වෙලා හිමින් සැරේ පඩි පෙළ බැස්ස මං ඇවිත් උගේ ඉස්සරහින් තියලා තිබුන පුටුවෙන් වාඩි වුනා.අද උදේ පටන් ගත්ත මේ සෙල්ලම හවස් වෙන්න ඇවිල්ලත් නැවතිලා නැති කොට අත් දෙකෙන් එල්ලලා උන්න උගේ හොද පන මේ වෙද්දී බාගෙට බාගයක් නැති වෙලා තිබුනා.
කලින් යන්තමට පන තිබුන නිසා කෑ ගැහුවත් දැන් දැන් ඒකවත් කරගන්න බැරි කොට අරු ලාවට ලාවට කෙදිරි ගාන්න ගත්තා.මං වාඩි වෙලා සිගරට් එකක් පත්තු කර ගන්න ගමන් එල්ලලා උන්න රටක් හොල්ලන් උන්න ඒ රූපේ දිහා බැලුවා.මස් පිරුණු අත පය එක්ක ලාවට ලාවට ඉදිච්ච කෙස් ගස් දෙක තුනක් කොන්ඩෙන් මතු වෙලා පේද්දී තරුණ කම තාමත් යන්තම් පේන ඒ රූපෙට මං කතා කළා.