Previous Chapter...
එහෙනම් යශ් ඔයාට එදා වද දුන්න හැම එකෙක්ම මං එලොව යැව්වා.ඉතින් තව ටික දෙනයි.ඉක්මනටම මං ඔයාගේ official වගේම unofficial mission දෙකම ඉවරයක් කරලා දානවා.ඒ වගේම ලගදීම හැමෝම දැනගනියි මෙච්චර කල් සහස්යගේ වෙස් මුහුණ ඇතුලේ හිටිය අවිනාශ් කියන්නේ කවුද කියලත්.
***************************
කලින් දවසේ ගෙදර එද්දී පාන්දර වුනත් අද වැඩට නොගියොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මං ඈලි මෑලි කඩ කඩ office ගියා.ඒත් මං යද්දී කැබින් එකේ හිටිය ආදිත්යගෙයි රුවින්ගෙයි මුනවල් නම් එච්චර හොද වුනේ නෑ.මං දෙන්නට morning කියද්දී දෙන්නම වෙනම කල්පනාවකින් මට great කරලා කැබින් එකෙන් එලියට ගියා.
"සහස්ය අද අපිට හදිස්සි වැඩක් වැටිලා ඔයාට පුලුවන්ද මේ වැඩ ටික පොඩ්ඩක් බලන්න"
"අවුලක් නෑ රුවින්.ඒත් මොකක් හරි ප්‍රශ්නයක්ද?"
"නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි මේ පොඩි personal ප්‍රශ්නයක්"
මං හිතන්නේ මට කොලේ වහලා දෙන්නා එක්ක රොහාන්ගේ කර වුන මිනිය බලන්න වෙන්න ඇති ඔය යන්නේ.යන්න එපැයි තමන්ගේ company එකේ business partner කෙනෙක්නේ නැති වෙලා තියෙන්නේ.පව් ඉතින් ආදිත්යට අනාගත වෙන්ඩ මස්සිනා නැති වුන ලොකු එක පාඩුවක් වෙන්න ඇති.
කොහොමින් කොහොමින් හරි ඒකෙන් වුනේ මට අද දවසම හෙල්ලෙන්නවත් බැරි වෙන්න වැඩ සෙට් වුන එක.ආදිත්‍යත් මහා ලොකුවට ආදරෙයි ආදරෙයි ගෑවට ඒකට අද දවසටම මාව මතක නෑ.ආව දෙන්කෝ මෙලහකට ඇති අර චිංචිමානවිකාවගේ කදුළු පිහ පිහ.එක අතකට මටත් මොකෝ කදුළු නෙමෙයි වෙන මොනා හරි පිස්සත්.
වැඩ කරන ගමන් මං කල්පනා කලේ Double Zero company එක ගැන.ඇත්තටම මේ හැමදෙයක්ම පටන් ගත්තේ එතනින් ඒ වගේම මේ සෙල්ලමේ ලංකාවේ සෙල්ලම් දාන ප්‍රදානම ඉත්තත් වෙන කවුරුත් නෙමෙයි Double Zero එකේ වර්තමාන අයිතිකාරයා Mr.අධිකාරියි.
මගේ අම්මගේ accident එක වගේම සේනානායක family එකේ accident එකත් Double Zero එකේ අයිතිය ගන්න අධිකාරී කරපු දේවල්.ඌ company එකේ අයිතිය වෙනුවෙන් අපේ ජිවිත විතරක් නෙමෙයි අහිංසක පවුලකගේ ජිවිතත් විනාස කරලා.