Chapter 18

535 114 21
                                    

Previous Chapter...

"ඉතින් මිස් විදර්ශී තිහන්යා අධිකාරි කොහොමද සැප සනීප?"

*************************

මං අහනවත් එක්කම විදර්ශී ලොකු වුන ඇස් වලින් මගේ නම මිමුනුවා.

"ස්..සා..සහස්ය"

"ම්ම්ම් ඔව් සහස්ය තමයි.ඇයි පුදුම වුනාද මං මෙතන ඉන්න එක ගැන.හැබැයි ඉතින් මෙතන පුදුම වෙන්න දෙයක් නෑ darling.මොකද දන්නවද මං තමයි ඔයා කාලයක් පිස්සුවෙන් පස්සෙන් ගිය වගේම මරලා දන්න උදව් කරපු officer යාශ්විර්ගේ එකම සහෝදරයා"

"ම්..මොකක්"

"දැම්ම ම ඔච්චර පුදුම වෙන්න පටන් ගන්න එපා ස්වීට් හාට්.මොකද ඔයාට තව ගොඩක් දේවල් තියෙනවා පුදුම වෙන්න."

"තමුන්ට මොනාද ඕනා."

"ඔහ්හ් මැඩම්ගේ කටට පන ඇවිත් වගේ නේ.හ්ම්ම් අපි බලමු මට මොනවද ඕනේ, ඔට ඕනේ නේද මට ඕනේ උබත් උබේ අයියා ගිය තැනටම යවන්න"

"උබ....ඒ උබයි උබයි මගේ අයියව මැරුවේ.උබ හිතනවද යකෝ උබට මේවා කරලා යහතින් ඉන්න පුළුවන් කියලා.නෑ උබ දන්නේ නෑ උබ කාත් එක්කද හැප්පෙන්නේ කියලා"

"හ්හ්හ් ආආ උබත් තනිකර උබේ අයියා වගේ ඌත් මැරෙන්න කලින් ගැහුවේ ඔය පන්පොරියම තමා.ඒත් ලංකාව හොල්ලන් ඉන්න අධිකාරිගේ පුතණ්ඩියා වගේම black rose mafia එකේ under bossගේ පෙම්වතා වුන උබේ අයියව මරලා මං මේ තාම යහතින් ඉන්නේ.

දන්නවද විදර්ශී උබේ අයියා වගේම උබත් හරි මෝඩයි.උබලා දෙන්නම අතට ලනුව දුන්නම ලෝබ නැතුව ඒක ගිල්ලා.උබේ අයියා රොහාන් මගේ අයියගේ mission එකේ details ගන්න උවනාවට යශ්ට ලං වෙද්දී දකින දකින එකත් එක්ක බුදියපු උබට මගේ අයියව ඕනේ වුනා.

එදා උබලා දෙන්නා ඔක්කොම කරලා අත පිහා ගත්තට උබලට අමතක වුනා ඇත්ත කවදාවත් හංගන්න බැරි විත්තිය.ඉතින් අද උබේ මාරයා විදිහට මං ඇවිත් ඉන්නවා"

"උබ මගේ අයියව මරලා නිදහසේ හිටියත් මට අත තියලා නිදහසේ ඉන්න වෙන්නේ නෑ සහස්ය,මේ වෙනකොටත් මගේ ආද්.."

"හෝව් හෝව් උබ කියන්න හදන්නේ උබේ පෙම්වතා ගැනද? මං ඇත්තම කියන්නම්කෝ එහෙනම් උබේ මහලොකු පෙම්වතා ආදිත්‍ය වේදාත් උබව උබේ තාත්තගේ හොර business වලට ලං වෙන්න පාවිච්චි කළා විතරයි"

Hidden Flames ✔️Where stories live. Discover now