Chapter 11

677 132 30
                                    

Previous Chapter...

එහෙනම් Mr.අධිකාරී අපි හිතුවට වඩා ඉක්මනින් හම්බවෙන්නයි යන්නේ.

****************************************

දැනිලා තියෙනවද තීරණාත්මක දෙයක් කරන්න කලින් හිතට දැනෙන භීතිය.අන්න ඒ වගේ හැගීමක තමා මාත් මේ වෙලාවේ හිටියේ.උදෙන්ම company එකට ආපු මං ආදිත්‍ය එනකන් කැබින් එකට වෙලා බලන් හිටියා.හිතට දැනුනු නොසන්සුන් හැගීම නිසා මං වේලස්සන office එකට ඇවිත් තියෙද්දී මට සිද්ද වුනා පැය බාගයක් විතර ආදිත්‍ය එනකන් බලන් ඉන්න.

නිකන් බලන් ඉන්න බැරි නිසා මං project එකේ file එකක් දිග ඇරන් study කරන්න පටන් ගත්තා.ටිකකින් කවුරු හරි කැබින් එකට එන සද්දෙත් එක්ක මං ඔලුව උස්සලා බැලුවා.ඇවිත් හිටියේ ආදිත්‍ය.

"good morning සහස්ය."

"good morning ආදිත්‍ය."

"අපි ටිකක් කතා කරමුද?"

මං හිතන්නේ ආදිත්‍ය හිටියේ good මූඩ් එකක වෙන්න ඕනා.එහෙම නැත්නම් ඔය මනුස්සයා ජීවිතේට හරියට good morning වත් කියන්නේ නෑ මං කියනකන්.එයා මට greet කරද්දී මාත් හිනා වෙලා අනිත් පැත්තට එයාට greet කළා.ඊට පස්සේ ටිකක් කතා කරමුද කියලා අහන ගමන් ආදිත්‍ය කැබින් එකේ තිබුන එයාගේ private room එකේ දොර අරිද්දී මට ආයෙමත් අර අමුතු feeling එක දැනෙන්න ගත්තා.

Calm down සහස්ය ඔයා ලෑස්ති වෙලා ආවේ මේ දේට නෙමෙයිද?ටිකක් විතර කලබල වෙලා හිටිය මං මටම කියාගන්න ගමන් ආදිත්‍ය පස්සෙන් room එක ඇතුලට ගියා.

"take a seat සහස්ය"

"ඕනේ වෙන එකක් නෑ ආදිත්‍ය.ඇත්තටම එදා රෑ club එකේදී සිද්ද වුන දේවල් වලට මට සමාවෙන්න.මට හරියටම මතක නැතත් මට යන්තන් මතකයි එදා රෑ ගැන.ඒ ගැන සම්පුර්ණ වැරැද්ද මං භාර ගන්නම්.ඔයාට ප්‍රශ්නයක් නැත්නම් ඒක one night stand එකක් විතරයි කියලා හිතන්න පුලුවන්ද?මොකද මං කැමති නෑ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න."

ආදිත්‍ය මට වාඩි වෙන්න කියද්දී ඕනේ නෑ කියලා,කියන්න කියලා හිතන් ආව ඔක්කොම එක හුස්මට කියන් යද්දී ආදිත්‍ය මුකුත්ම නොකියා මං දිහා බලන් හිටියා.ඇත්තටම එදා රෑ මගේ අතින් උනේ ලොකු වැරද්දක් මගේ තුන් හිතකවත් තිබුනේ නෑ ආදිත්‍ය එක්ක නිදා ගන්න එකක් ගැන.

Hidden Flames ✔️Where stories live. Discover now