"ආදිත්‍ය මං දන්නවා මේ වෙද්දී ඔයා මං කියන කිසි දෙයක් අහන්න ලෑස්ති නෑ කියලා.ඒත් මට තව එකම එක පාරක් අවස්තාවක් දෙන්න.මොකද මං දන්නේ නෑ ඉස්සරහට මොනවා වෙයිද කියන්න.ඒත් මට ඕනේ ඔයා දැනගන්නවට මං කරපු හැම දේකටම මට හේතුවක් තිබුන විත්තිය.
දන්නවද ආදී මං මගේ රට අතැරලා ඉතාලි යද්දී මට අවුරුදු දහනවයයි.දොස්තර කෙනෙක් වෙන්න කියලා හිතන් ඉතාලි ආපු මං අවුරුදු දෙකක් හරි ලස්සනට ජිවත් උනා.මගේ අයියා,අභී,නුර්වී,මං අපි හතර දෙනා පුදුමාකාර සතුටකින් ඒ අවුරුදු දෙක ගෙව්වා.
ඒත් ඔයා දැනටමත් දන්න විදිහට අපේ සතුටට වැඩි ආයුෂ තිබුනේ නෑ ආදී.මගේ අයියාට mission එකක් ලැබුනා.ඒ මොකද්ද කියනවා තියා මගේ අයියා කාත් එක්කද ගනුදෙනු කරන්නේ කියලවත් අපි කවුරුත් දැනන් හිටියේ නෑ.හැමදේම හොද විදිහට වුනා.නෑ අපි එහෙම උනා කියලා හිතුවා.
ඒත් ඒ හැමදෙයක්ම වෙනස් වෙන්න ගියේ එක රැයයි.ඔයා විස්වාස කරනවද එක රැයකින් මගේ ජිවිතේ සම්පුර්නෙන්ම කණපිට පෙරලුනා.ඉක්මනට ආයේ එන්නම් කියලා ගිය මගේ අයියා ආයෙමත් ගෙදර ආවේ සීල් කරපු මිනි පෙට්ටියක.
මගේ අයියට කවුදෝ නොසැහෙන්න වද දීලා මරලා දාලා කියලා කියද්දී මගේ මුළු ලෝකෙම කඩන් වැටුනා ආදී.මගේ අම්මා මට අවුරුදු දහයේදී කෝමා එකකට වැටෙද්දි හිතා මතා නොවුනත් අපේ තාත්තට අපිව මග ඇරෙද්දි මට අම්මා තාත්තා උනේ මගේ අයියයි.කොටින්ම කියනවනම් මගේ මුළු ලෝකෙම උනේ මගේ අයියයි.
ඒත් අන්තිමට හේතුවවත් නොදැන මගේ අයියා මාව දාලා යද්දී මං පිස්සෙක් උනා ආදී.දොස්තර කෙනෙක් වෙන්න, ජිවිත බේරගන්න ඕනේ උන මට අන්තිමට පලිගන්න ඕනේ උනා.මගේ අයියාගේ ජිවිතේ වෙනුවෙන් මං මිනිමරුවෙක් උනා.
මං පිස්සුවෙන් වගේ අයියට මෙහෙම වෙන්න හේතුව හොයද්දි මං දැනගත්තා අහිංසක ජිවිත වෙනුවෙන් සටන් කරපු මගේ අයියව මරලා දාලා තියෙන්නේ mafia king shadow කියලා.එතනින් එහාට මගේ ජිවිතේ එකම අරමුණ උනේ shadow ගෙන් පලිගන්න එක විතරයි.
මං මගේ හීන අතැරලා දැම්මා.මමත් මගේ අයියා වගේම International police officer කෙනෙක් උනා.අවුරුදු පහක් මගේ හීන විතරක් නෙමෙයි මාවත් අමතක වෙන තරමට මං පලිගන්න මහන්සි උනා.මං දන්නවා සමහර විට මං වැරදි ඇති ඒත් නිතිය අන්ධ මේ ලෝකේ මං නිතිය අතට ගන්නවා ඇරෙන්න වෙන විසදුමක් තිබුනේ නෑ.