BONUS
Previous Chapter...
දගලන මාව තව තව බිත්තියට තද කරගන්න ගමන් මගේ අත් දෙකත් උස්සලා එක අතකින් බිත්තියට තද කරගත්ත ඌගේ අනිත් අත මගේ බෙල්ලට හිර වෙද්දී ඌ මගේ පපුව පුරා උගේ දත් පාරවල් තියන්න ගත්තා. අන්තිමේදී දගලන්නවත් පණක් නැතුව මං ඇස් දෙක පියාගෙන අඩන්න ගත්තේ හිතින් යසිත්ට ඉක්මනට එන්න කියලා ප්‍රර්ථනා කරන ගමන්.
*****************************************
"එහාට වෙයන් බල්ලෝ තෝ මොන හයියකටද මේ ආදිත්‍ය අයිති දෙකට අත තිබ්බේ."
මං උන්නේ සිහියත් අසිහියත් අතර.ගෙවුණු විනාඩි ගාන කල්පයක් ගානට දැනෙනකොට එකපාරටම ආපු කටහඩක් එක්ක මාව තද කරන් හපා කමින් උන්න තිරිසනාව ඈතට ඇදිලා ගියා.මාව එහෙන්මම බිම ඉන්ඳ වෙද්දී මං කකුල් දෙකත් තුරුළු කරන් බිත්තිය මුල්ලට උනා.
කදුළු නිසා කම්මුල් පෙගිලා.අර තිරිසනාගේ හිතක් පපුවක් නැති වැඩ නිසා මගේ ඉනෙන් ඉහල සම්පුරන්යෙන්ම අද්දුම් කද්දී ඉදිමිලා බොද වෙච්ච ඇස් වලින් මං ඉස්සරහ බැලුවා.
මගේ ඇගේ උන්න මිනිහව ඇදලා අරන් බිම දාගෙන ගහන ගමන් උන්නේ වෙන කවුරුත් නෙමෙයි අදිත්යයි.
"ආ..ආ..ආදී"
මෙච්චර වෙලා අරූට ගගහ හිටිය ආදිත්‍යගේ අවදානේ මගේ හීන් මිමිනුමත් එක්ක මට ලැබෙද්දී එසැනින් අර මිනිහා ආදිත්‍යවත් තල්ලු කරගෙන නැගිට්ටා.ඌට කොහෙන්ද මං දා හම්බවුනු වීදුරු කැල්ලකින් ඌ ආදිත්‍යට අනින්න යද්දී ආදිත්‍ය හරිම ලේසියෙන් ඒ පාර නැවැත්තුවා වගේම එයාගේ අතත් තුවාල කරගන්න ගමන් ආදිත්‍ය වීදුරු කෑල්ල උදුරලා ඈතට විසික් කළා.
ආයෙම පාරක් ආදිත්‍ය ඌට ගහන්න යද්දී අමාරුවෙන් නැගිට ගත්ත මාව එතන ගොඩ ගහලා තිබුන කැඩිච්ච පුටු ගොඩකට වැටුනා.අදිත්යගේ අවදානේ ඒකෙන් මට ලැබෙද්දී ආදිත්‍යවත් තල්ලු කරන් අර මිනිහා දුවන්න ගත්තා.
"අනේ යන්න එපා"
ආදිත්‍ය අර මිනිහගේ පස්සෙන් යන්න හදද්දී මං එයාව නවත්තුවා.මොන දේ උනත් එයා ගියාම ආයෙමත් මං මෙතන තනිවෙනවයි කියන බයට මං ආදිත්‍යව නවත්තද්දී මං දිහා රවලා බලමින් මගේ ලගට ආව ආදිත්‍ය එයා ඇදන් උන්න jacket එක ගලවලා මට ඇන්දුවා.