Pervious Chapter...
ඒත් දුවන්න හදපු මාව කවුරු හරි එක පාරටම ඇදලා ගත්තා.මාව ඇදලා ගත්ත පාර මං ගිහින් නැවතුනේ හැඩි දැඩි පපුවක වැදිලා.
********************************
දැනෙන මත් බවත් එක්ක බොද වෙච්ච ඇස් දෙකෙන් ඔලුව උස්සලා බලද්දී මං දැක්කේ තරහින් රතු වුනු ඇස් දෙකක් මං දිහා රවලා බලන් ඉන්නවා.
"තමුසෙට කොච්චර කිව්වත් වැඩක් නෑ,කලින් පාර වෙච්ච දේ අමතකද සහස්ය ආයෙමත් මේ පිස්සු නටන්නේ ආආ."
"ආ..අ..ආදිත්‍ය ම..මං මේ"
"Shut Up!"
ඇවිත් හිටියේ ආදිත්‍ය.තරහින් පිරුණු කටහඩින් කලින් පාර වුනු දේවල් මතක නැද්ද කියලා මගෙන් අහපු ආදිත්‍ය මං කතා කරන්න හදද්දී මට කට වහ ගන්න කියලා කෑ ගැහුවා.
"මේ ඕයි ඕකා මගේ.ගිහින් වෙන එකෙක් හොයා ගන්නවා තමුසේ."
"මොකක්ද යකෝ උබ කිව්වේ."
මගේ පිටිපස්සේ හිටපු අර නාදුනන මිනිහා අපි දිහාට එන ගමන් ආදිත්යට වෙන එකෙක් හොයා ගන්න කියද්දී ආදිත්‍ය මහා හඩින් කෑ ගැහුවා.මෙච්චර වෙලා එයාගේ පපුවට හේත්තු වෙලා හිටපු මට එයාගේ මස් පිඩු පවා වෙව්ලනවා දැනෙද්දී මං ඔලුව උස්සලා ඒ මුණ දිහා බැලුවා.
"තමුසේ කොහෙවත් යන්නේ නෑ මෙතනම ඉන්නවා."
මං ආදිත්‍ය දිහා බලනවත් එක්කම මගේ මුණ දිහා බලලා කිව්ව ආදිත්‍ය මාව එතන බිත්තියට හේත්තු කරලා අර මිනිහා දිහාට ඇවිදන් ගියා.එතනින් එහාට වුනු දේවල් බලන්න තරම් ඇස් ඇරන් ඉන්න මට අමාරු වෙද්දී මං දැනෙන මත් බවත් එක්ක රිදෙන ඔලුව බිත්තියට හේත්තු කරගන්න ගමන් ඇස් දෙක පියා ගත්තා.
ටික වෙලාවකින් අර මිනිහා වේදනාවෙන් කෙදිරිගානවා ඇහෙද්දී මං ලාවට ඇස් ඇරලා බැලුවා.උගේ දකුණු අත අනිත් පැත්තට හැරිලා.හැරිලා කියන්නේ ඒක කඩලා.ඌ බිම වැටිලා කෙදිරි ගාද්දී මගේ දිහාට ආව ආදිත්‍ය මාව හරහට උස්ස ගත්තා.
වෙච්ච කෙරිච්ච දේවල් වල හැටියට ආදිත්යගේ මුණ දකිද්දී මට මාව අතාරින්න කියන්න බය හිතෙද්දි මං හිමිහිට මගේ මුණ ආදිත්යගේ බෙල්ල අස්සේ ගහන ඇස් දෙක පියා ගත්තා.