Bonus
Avinash P.O.V.
අවුරුදු හතකට පස්සේ මං ගෙදර ආවා.හැම දෙයක්ම එලි වෙලා තියෙන නිසා මට තව දුරටත් apartment එකක ඉන්න අවශ්ය තාවයක් තිබුනේ නෑ ඉතින් මං ආපහු ගෙදර ආවා.අවුරුදු හතකට පස්සේ මමයි යශුයි ජිවත් වුන මේ ගෙදර මං රැයක් ගෙව්වා.
තව දුරටත් මට නරක හීන පෙනුනේ නෑ.ඒත් දොස්තර කෙනෙක් වෙන්න කියලා හිතන් මේ ගෙදරින් එලියට බැස්ස පොඩි කොල්ලා අන්තිමට ගෙදර ආවේ තමන්ගේ හීන අමතක කරලා මිනිමරුවෙක් වෙලයි.
හැමදාමත් ජිවිත බේරගන්න ඕනේ කිව්ව මන්ම මේ අත් දෙකෙන් ජිවිත ගානක් උදුර ගත්තා.මං දන්නේ නෑ මං හරිද වැරදිද කියන්න ඒත් මාව මේ තත්ත්වෙට ඇදලා දැම්මෙත් මගේ අතින් හුස්ම නැති උන ඒ කාලකන්නිමයි.
මට කියන්න බෑ මේ, හැමදේක අවසානේ කියලා.මොකද මං දන්නවා නියම අවසානේ මං එනකන් බලන් ඉන්න විත්තිය.
මගේ අම්මා ඊයේ තරම් අඩනවා මං අයියගේ funeral එකෙදිවත් දැක්කේ නෑ.ඒත් මොනා කරන්නද තිත්ත උනත් අපි යථාර්තෙට මුණ දෙන්න ඕනා.
සහස්ය විදිහට මං ගෙව්ව ඒ ජිවිතේ ඊයෙන් ඉවර උනා.ගොඩක් අය පුදුම උනා සුරියප්පෙරුමගේ සෙල්ලක්කාර පුතා මේ වගේ තැනක ඉන්න එක ගැන.ඒත් විස්වාස කරන්න මටවත් මගේ තාත්තටවත් ඒ හින්දා ආඩම්බරයක් දැනුනේ නෑ.මොකද මම වගේම තාත්තත් දන්නවා සමහරවිට මටත් මේ රස්සාව නිසා අයියට උරුම උන ඉරණමම අයිති වෙන්න බැරි නෑ කියලා.
සමහරවිට ඊටත් වඩා දරුණු ඉරණමත් උනත්.
සිද්ද වුන හැම දේකටම මං කලින් ඉදන්ම මුණ දෙන්න ලෑස්ති උනත් එක දෙයක් තිබුනා තාමත් මගේ හිත පාරන.ඒ ආදිත්ය.මං දන්නවා ආදිත්ය හිතනවා ඇති මං එයාව use කළා විතරයි කියලා.ඒත් ඇත්ත ඒක නෙමෙයි.මං එහෙම කරන්න කොච්චර උත්සහ කලත් ආදිත්ය ගැන මගේ හිතේ තිබුන ආදරේ මට ආදිත්යව use කරන්න ඉඩ දුන්නේ නෑ.
ඒත් මං දන්නවා ආදිත්ය කවදාවත් මාව විස්වාස කරන එකක් නෑ.ඊයේ ආදිත්ය උසාවියෙන් යද්දී මට දුන්න ඒ බැල්ම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.ඒ ඇස් මගෙන් ඇහුවේ ඇයි එයාව රැවට්ටුවේ කියලයි.ඒත් මං කොහොමද කියන්නේ මේ දේවල් මෙහෙම සිද්ද වෙන්න අරිනවා මිසක් මට වෙන විසදුමක් තිබුනේ නෑ කියලා.