Chapter 23

522 113 20
                                    

"ගරු ස්වාමිනි මගේ සේවාදායකයා.............."

නඩුව පටන් ගත්තා.චුදීත පාර්ශවේ වුන අධිකාරි වෙනුවෙන් කතා කරන්න සල්ලි දීලා ගත්ත lawyer, නඩුකාර තුමා ඉස්සරහා තමන්ගේ සේවාදායකයා නිර්දෝෂී කියන්න තර්ක කරන ගමන් හිටියා.

ඒත් කොච්චර තර්ක ගෙනාවත් ඒ හැම එකක්ම එදිරිපත් කරපු ගමන් නිෂ්ප්‍රභා කරන්න government lawyer ට පුළුවන්කම ලැබුනේ මෙච්චර කාලයක් හැංගිලා තිබිලා එලියට ආව මගේ අයියා එකතු කරපු සාක්ෂි නිසයි.

ඒත් මං දැනන් හිටියා මේ නඩුව දිනන්නනම් මෙතනට අනිවාරෙන්ම එක්කෙනෙක් එන්නම ඕනා. government lawyer මොන දේ කලත් එයා නැතුව මේ නඩුව දිනන්න තියා හිතන්නත් බෑ මොකද මේ නඩුව සම්පුර්නයෙන්ම අයිති එයාටයි.

වෙලාව තත්පරෙන් තත්පරේ ගෙවිලා ගියා.ඉදිරිපත් කිරීම් නිෂ්ප්‍රභා කිරීම් ගොඩකට පස්සේ නඩුකාරතුමා විවේකයක් නිවේදනය කළා.විවේකේ පටන් ගන්නවත් එක්කම ආදිත්‍යයි රුවිනුයි අධිකාරිගේගේ lawyer එක්ක කතා කරන්න යද්දී හදිස්සියේ දැක්ක දෙයක් එක්ක මං හිමිහිට උසාවියේ කවුරුත් වැඩිය ගැවසුනේ නැති හරියට ගියා.

"මුකුත් ප්‍රශ්නයක් උනේ නෑ නේද officer"

"නෑ කිසිම ප්‍රශ්නයක් උනේ නෑ. ඒත් මං හිතනවා නියම වෙලාවට ඔයා හරිම දේ කරයි කියලා officer අවිනාශ්"

"අනිවාරෙන්ම mr.අභිසෙස් ඒ ගැන කිසිම doubt එකක් තියා ගන්න එපා.මොකද මං මගේ රාජකාරිය අකුරටම කරනවා"

"එහෙනම් see you inside the court Mr.අවිනාශ්"

"you too officer"

මගේ හොදම යාලුවා වගේම bodyguard යසිත් තවත් වෙලාවකට මගේ mission partner Mr.අභිසෙස් ඒත් දැන් මගේ ඉස්සරහ හිටන් හිටියේ මේ දෙන්නගෙන් කවුරුත් නෙමෙයි.දැන් මාත් එක්ක හිටියේ International Police unit senior Officer අභිසෙස් වික්‍රමනායකයි.

Uniform එකෙන් උන්න අභිසෙස් මට කතා කරලා යන්න යද්දී මං ආපහු ආදිත්යලා ඉන්න තැනට ආවා.

"සහස්ය කොහෙද ගියේ"

"මං washroom එකට ගියා රුවින්.ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද"

"නෑ මං මේ පෙන්න හිටියේ නැති නිසා බැලුවේ"

රුවින් මං washroom ගියා කිව්වම මං දිහා සැකෙන් වගේ බැලුවත් ඒත් එක්කම එතනට ආව ආදිත්‍ය නිසා එයා එයාගේ අවදානේ lawyer ට දුන්නා.

Hidden Flames ✔️Where stories live. Discover now