Chapter 34

465 102 60
                                    

Bonus

තුවක්කු එකින් එක හිස් වෙලා යද්දී තුවක්කු වෙනුවට පිහිත් එලියට ආවා.හැම තැනම ලේ විතරක් පෙන්න තියෙද්දී ටිකකට කලින් නිස්කලංකව තිබුන මිදුල අමු සොහොනක් වෙලා.ආදිත්‍ය තාමත් අදිශ් එක්ක වෙඩි හුවමාරුවක ඉද්දි gun එකේ බුල්ට්ස් ඉවර වෙන්න ලං උන නිසාම මං කවර් වෙලා හිටපු තැනින් එලිය ආවා.

ඩොන්න්න්

Gun එකේ තිබුන අන්තිම බුලට් එකත් අපේ පැත්තේ ඉදන් අදිශ්ගේ පැත්තට ගිය පාහරයෙක්ගේ ඔලු කට්ට කුඩු කරන් යද්දී වෙඩි වැදුන එකා හෙලෙන් පල්ලෙහා තිබුන මුහුදට වැටුනා.

හිස් gun එක විසික් කරන ගමන් මැරිලා හිටපු කෙනෙක්ගේ gun එකක් අහිදන් ලෝර්ඩ් කරනවත් එක්කම මට පිටිපස්සෙන් ඇහුන සද්දයක් එක්ක මං ඉක්මනට පිටිපස්ස හැරුනා.

"ශේන්!!"

මට පිටිපස්සෙන් පිහිපාරක් කාගෙන වැටිලා හිටියේ shadow ගේ කවුන්සිලර් ශේනුයි.පිහි පාර කාගෙන උනත් ශේන් පිහිය අතේ තියන් උන්න එකාගේ බෙල්ල ඒ පිහියෙන්ම කපලා දාලා බිමට ඇදගෙන වැටුනා.

පිටිපස්සෙන් මට අනින්න හදපු පිහි පාර කාගෙන වැටිලා හිටපු ශේන්ව අරගෙන මං කවර් වෙද්දී ශේන් ආමාරුවෙන් උනත් මට කතා කළා.

"අවිනාශ් සර් මට ස්..සමාවෙන්න.ම්..මං හිතන්නේ නෑ ත්..තවත් මට සර්ලට උදව් කරන්න පුළුවන් වෙවී කියලා.marster shadow ට කියන්න අනාතයෙක් උන මට ජිවිතයක් දුන්නට මං හැමදාටමත් සර්ට ණයගැති කියලා.ඒ වගේම කියන්න සර්ගේ ආදරේ බේරගන්න ජිවිතේ දෙන්න ලැබුන එක ගැන මං සතුටු වෙනවයි කියලා"

"ශේන්! ශේන්!"

මගේ අත්වල හිර වෙලා තිබුන ශේන් ගේ අත පන නැතුව බිමට ඇදන් වටෙද්දී ඒ හුස්ම සදහටම නැවතුනා.තවත් එක ජිවිතයක් අපි නිසා අකාලේ නැති වෙලා ගියා.

ශේන් shadow ගේ විශ්වාසවන්තම වගේම පරණම සේවකයා.අහම්බෙන් වගේ මාව වගේම ශේන් ව දැකපු ආයුෂ් අපි ලගට ආවත් ඒ වෙද්දීත් ශේන් හුස්ම අතැරලා ඉවරයි.අපි ලගින් දැන ගහගත්ත ආයුෂ් ඇරිලා තිබුන ශේන්ගේ ඇස් දෙක වහලා දැම්මා.

තව දුරටත් මේ කිසි දෙයක් මට දරා ගන්න බැරි වෙද්දී මං gun එකත් අරන් නැගිටලා අදිශ් ඉන්න පැත්තට ගියා.ඒත් ඒ එක්කම මන් දැක්කේ අභිව.

Hidden Flames ✔️Where stories live. Discover now