Previous Chapter...
එදා රැයින් පස්සේ මාත් ටික ටික ආදිත්යට ඇත්තටම ලං වෙන ගමන් උන්නා.හැබැයි ඒත් තව දුරටත් ඒක එහෙම නෙමෙයි.මෙච්චර කල් දුර ඉදන්නේ මං සෙල්ලම් කලේ ඒත් අද ඉදන් ඉස්සරහට ලග ඉදන්ම මං මේ සෙල්ලම කරන හැටි බලන් ඉන්න ආදිත්ය.
***************************
චස්.......ඇගට වැදුණු වතුර එක්ක ඒ ඇගේ තිබුණු ලේත් මුහු වෙලා ලා රතු පාටට හුරු වතුර පාරක් basement එකේ පොලොව තෙමුවා.සුදු පාට නැෂනල් දෙකේම දැන් සුදු පාට දැල් දාලවත් හොයන්න බැරි වෙන තරමට ලේ වලින් වැහිලා තිබුනා.
ඒ අත් හතරේම උගුල්ලපු නියපොතු පැත්තක බිම වැටිලා තියෙද්දී අයිනේ තිබුණ මේසේ උඩ ඇදලා දාපු දත් එක්ක පාවිච්චි කරපු අඩුව තියලා තිබුනා.ලේ කුයිලේ බඩ කලතවගෙන මුළු basement එක පුරාවටම යද්දී මේ වෙද්දීත් හොද පන ගිහින් හිටපු මගේ අමුත්තෝ දෙන්නා දත් නැති කටින් කෑ ගහන්න දැගලුවා.
ලේසි නෑ දැන් දවස් දෙකක් තිස්සේ උන් මේ දුක විදිනවා.යන්තමට වේලෙන්න වේලෙන්න ආයේ ආයේ තුවාල පාරවද්දී උන් හූ තියලා කෑ ගැහුවා.ඒත් මට කිසිම අනුකම්පාවක් දැනුනේ නෑ.මොකද මුන් දෙන්නා මීට වඩා මගේ අයියට නොසැහෙන්න වද දීලා තිබුනා.
දේවරාජ් ගේ මරණේ ආරංචි වෙනවත් එක්කම මං හිතුවා වගේම උන් දෙන්නා ආයෙමත් ලංකාවට ආවා.ඒත් මං හිතන්නේ උන්ට ලංකාවට ගොඩ බැහැලා හුස්මක් ගන්න ලැබුනේ නෑ මායි අභි එකතු වෙලා උන් දෙන්නව ඉස්සුවා.කවුද කියලා නොදන්නවා උනත් මහේන්ද්රගේ මිනීමරුවා උන් පස්සෙනුත් පන්නනවා කියලා උන් දන්න නිසාම උන් ඉතාලියේ ඉදන් හොරෙන්ම private boat එකක ලංකාවට ආවත් උන් කරපු මෝඩ වැඩෙත් ඒකමයි.
මොකද දැන් උන් ආපහු ලංකාවට ආවයි කියලා කොහෙවත් කිසිම සදහනක් නැති වෙද්දී මේ දවස් දෙකට ලංකාවේ වගේම ඉතාලියේ පොලිසිය, වරාය ඇමැතියි විදේශ කටයුතු ඇමැතියි අතුරුදහන් කියලා ඉතාලිය පීර පීර මුන් දෙන්නව හොයනවා.ඒත් මොනා කරන්නද කොච්චර හෙව්වත් වැඩක් නෑ.මොකද තමන්ගේ බලේ පාවිච්චි කරලා හොරෙන් ලංකාවට ආව ඇමති තුමාලා දෙන්නා මේ වෙද්දීත් මගේ මගේ basement එකේ පන අදිනවා.