Chapter 9

623 136 29
                                    

Previous Chapter...

"අභි ලෑස්ති වෙයන්.මහේන්ද්‍රගේ බබකියු වෙච්ච මිනිය වළලන දවසට shadow ගේ drama එකේ තව characters දෙකක් අයින් කරලා දාන්න"

*********************************

වෙලාවකට මිනියක් මරණ එක දාහෙන් සම්පතයි පුටුවක වාඩි වෙලා එක දිගට වැඩ කරනවට වඩා.මං හිටියේ හොදටම එපා වෙලා.ඊයේ අභි ඇවිත් ආදිත්‍ය ආපහු ඇවිත් කිව්වට පස්සේ ටික දවසක් තිබුන මගේ මනසේ සාමයනම් නැත්තටම නැතුව ගියා.

ආදිත්‍ය ආපහු ඇවිත් නිසා ආපහු වැඩට යන්න ඕන හින්දම මං හවසම ආපහු apartment එකට ආවා.ඒ ඇවිත් ටිකකින් මට ආදිත්යගෙන් call එකක් ආවේ හෙට අනිවාරෙන් වැඩට එන්න කියලා.ඉතින් මං මේ අද උදේ ආපු වෙලේ ඉදන් වැඩ.

ආසවටවත් පුටුවෙන් නැගිට ගන්න විදිහක් නැතුව මං හිටියේ කඩි කනවා වගේ feeling එකකින්.අන්තිමට හවස off වෙන bell එක වදිද්දී මං පුටුවෙන් නැගිට්ටා.දැන් නම් මගේ පස්ස මගේ ඇගේ කොටසක් නෙමෙයි වගේ දැනෙන්නේවත් නෑ.

දවසම මාව වාඩි කරෝලා තිබ්බ එකේ තරහටත් එක්ක මං ආදිත්යට යන්නම් කියලවත් නොකියා මගේ bag එකත් අරන් එලියට ආවා.මං කැබින් එකෙන් එලියට එනකොටම වගේ රුවින් ආදිත්යගේ කැබින් එක ඇතුලට ගියේ මාත් එක්ක කට පුරෝලා හිනා වෙන ගමන්.මේ යකාට මොනා වෙලාද මන්දා.දවසකට හොදට ඉන්නවා දවසකට කැත්තට පොල්ල වගේ.

Office එකෙන් එලියට ආපු මං කෙලින්ම නැවතුනේ මගේ apartment එකේ.යශ්ගේ මරනෙත් එක්ක ඉස්සර හිටපු සෙල්ලක්කාර මං,වගකීම් සහගත පුද්ගලයෙක් විදිහට වැඩ කරන්න පටන් ගද්දි,ඉස්සර වගේ මං හැම තැනම රවුම් ගහන එක නවත්තලා තිබුනා.

"hello අභි කියන්න"

"අවී මං හිතන්නේ ලොක්කට උබව සැකයි වගේ"

"ඒ ඇයි?"

"ලොක්කා දන්නවනේ බන් උබ කොහොමත් shadow ගේ case එකට අමතරව යශ් අයියගේ case එක ගැනත් හොයනවා කියලා.අනික කුලසේකර ගේ මරණෙට ලොක්කා උබව සැක කරනවා.උබට තේරෙනවනේ....ලොක්කා දන්නවා ඌට නිකන්ම යන්න දුන්න එකට උබ හිටියේ තරහින් කියලා"

"ඉතින් දැන් මට මොනාද උබ කියන්නේ?නිකන් තෙපරබාන්නේ නැතුව කියපන් උබ දන්නවනේ මං ඔය වටෙන් ගොඩෙන් කියන ඒවාට කැමති නෑ කියලා"

Hidden Flames ✔️Unde poveștirile trăiesc. Descoperă acum