Awinashs P.O.V.
චස්...............
අවුරුදු එකහාමාරකට කලින් අතීතයේ හිරවෙලා හිටපු මං මේ ලෝකෙට ආවේ shadow ගේ සපතුවට පෑගිලා විසික් උන වතුර සද්දෙන්.
"hello mr.සහස්ය එහෙමත් නැත්නම් මං හිටපු International FBI officer අවිනාශ් කියන්නද?"
ඒ කටහඩ ආයෙමත් අවුරුදු එකහාමාරකට පස්සේ මට ඇහෙද්දී මගේ ඇග දිගේ හිරියක් ගලන් ගියා.හිතට දෛර්ය ගත්ත මං බිමට බර වෙලා තිබුන මගේ ඔලුව ඉස්සුවා.
තාමත් ඉස්සර වගේමයි.කිසිම හැගීමක් හොයන්න බැරි ඒ සිතල ඇස් මගේ දිහාට හැරිලා තියෙද්දී ඒ කට කොනේ ජයග්රාහී හිනාවක් තිබුනා.මං දන්නවා ඒ හිනාවෙන් කියවුනේ එයා අන්තිමට තමන්ට ඕනේ දේ ලබා ගත්තා කියලයි.
මගේ ඉස්සරහා හිටගෙන හිටපු shadow ආයෙම හැරිලා පැත්තක තිබුන equipment table එක ලගට යද්දී මං හිතුවේ අදනම් මගේ අවසානේ තමයි කියලයි.මොකද මං දැනන් හිටියා shadow කියන්නේ කිසිම දේකට ලේසියෙන් සමාවක් දෙන කෙනෙක් නෙමෙයි කියලා.
මං හුස්ම ගන්නත් අමතක කරලා shadow දිහා බලන් ඉද්දි එයා මේස උඩ තිබුන equipment දිගේ හරි පරිස්සමට ඇගිලි ගෙනිච්චා.ඒ කරලා මෙච්චර වෙලා අත් දෙකට දාගෙන හිටපු ග්ලවුස් ගලවලා දාපු shadow basement එක පුරා හිටපු එයාගේ solders ලට එලියට යන්න කිව්වා.
Solders ලා එලියට යනවත් එක්කම මේසේ උඩ තිබුන අයිස් කියුබ් තිබුන බෝල් එකත් අරගෙන මං ලගට ආපු shadow මගේ ඉස්සරහින් වාඩි උනා.එයා කරන්න යන්නේ මොනාද කියලා තේරුම් ගන්න මං ඒ ඇස් දිහා බැලුවත් ඒ ඇස් වල තිබුනේ මට තෝරලා බේරලා ගන්න අමාරු හැගීම් ගොඩක්.
අයිස් බෝල් එක, එක අතක තියන් අනිත් අතේ ඇගිලි වලින් shadow මගේ මුණ පුරා රටා අදිද්දී මං ඒ ඇස් දිහා කෙලින් බලන් හිටියා.හිමින් සැරේ එයාගේ ඇගිලි එක්ක මගේ මුණ පුරා ඇස් ගෙනියපු shadow මගේ ඇස් දිහා බලද්දී ටික වෙලාවක් යනකන් අපි එකිනෙකා දිහා මුකුත් නොකියා බලන් හිටියා.
"Are you enjoying ම්ම්ම්ම්"
"Definitely"
මුණ පුරා ඇගිලි ගෙනියන එක නවත්තපු shadow අපේ අයි කන්ටැක් එක බිදින්නේ නැතුවම සරාගී කටහඩකින් මගෙන් අහද්දී මමත් ඊට නොදෙවිනි හඩකින් උත්තර දුන්නා.මගේ උත්තරෙත් එක්ක ආයෙමත් එයාටම ආවේනික කට කොනේ හිනාව දා ගත්ත shadow බෝව්ල් එකෙන් අයිස් කියුබ් එකක් අරන් මගේ කම්මුලක් උඩින් තිබ්බා.