💭🌲𝚃𝚑𝚎 𝙸𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚝🌲💭

173 33 8
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter ii⚫

💭🌲𝚃𝚑𝚎 𝙸𝚗𝚌𝚒𝚍𝚎𝚗𝚝🌲💭

_______________________________________________

.

.

.

ඕහ් ඒඩන්... ඔයා අද කලින්...ඔයා ඔයාගෙ චිත්‍රය ඇදලා ඉවර ද..


ඇනා පුදුම වෙලා හිටියේ දැන් ටිකකට කලින් ගියපු එයාගෙ සහෝදරයා මෙච්චර ඉක්මනට ගෙදර ආපු එක ගැන..

ඇත්තටම කිව්වොත් ඇනා මන් චිත්‍රය ඇදලා..හ්.. ඉවර නෑ.. හ්.. ඇනා..

ඒඩන්ගේ කලබලකාරී ගතිය නිසා ඇනා උනත් සිතුවේ ඇඟේ පුංචි සහෝදරයාට අනතුරක් සිදු වුවා ද යන්නයි..


හෝව් හෝව් ඇයි ඔයා මෙච්චර හති දාගෙන ආ.. අනික ඔයා කවදාවත් චිත්‍රයක් ඇදලා ඉවර වෙනකම් අඩුම නැගිටින්නේවත් නැනේ.. මොකක් හරි ප්‍රශ්නයක් ද ඒඩන්...

තවත‍් ඉවසා ගත නොහැකි තැන ප්‍රශ්න කෙරූ ඇනා ඇයගේ සහෝදරයාගේන් තම ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තුවෙන් ඒඩන් දෙස බලා සිටියාය..


ඔව් හ් ඇනා ලොකු ප්‍රශ්නයක්... ඇත්තටම කිව්වොත් මට.. මට.. ගොඩක් බඩගිනි.. ඔව් ගොඩක් බඩගිනි..


ඒඩන් මට බොරු විතරක් කියන්න ලෑස්ති වෙන්න එපා.. ඔයාට ඕනෙ දෙයක් ඔයාගෙ අක්කට කියන්න පුළුවන් තේරුණා ද..


මට තේරුණා ඇනා.. මට සමාවෙන්න.. මන් දන්නවා මට ඔයාට බොරු කරන්න බැහැ කියලා.. මන් ඔයාට කියන්නම්..

හොඳයි එහෙනම් ඔයා කියන්න ලෑස්ති වුණාම මට කියන්න.. දැන් ඇවිත් කන්න.. මන් අද ඔයා ආසම බිම්මල් සුප් හැදුවා..


යෝ යෝ ඇනා ඔයා තමයි හොඳම.. ඉන්න මන් මේ ටික කාමරයෙන් තියලා එන්නම්..

ඒඩන් තම කාමරයට යන දෙස බලා සිටි ඇනා පුංචි සිනහවකින් මුව සරසාගෙන කෑම ටික මේසෙට අරින්න කෑම මේසය සුදානම් කළාය..

ආහාර ගන්නා අවස්ථාවේදී පවා ඇය තමාගේ සහෝදරයා දෙස බලා සිටියේ ඔහුගෙ පිළිතුරු බලාපොරොත්තු වෙමිනි.. නමුත් ඇඟේ බලාපොරොත්තු සුන් කරමින් ඒඩන් දිගටම ආහාර ගැනීමෙහි නිරත වූයේ තමාට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීම ගැන තම සහෝදරියට පවසන්නේ කෙසේද යන්න සිතමිනි ...කෙසේ හෝ අවසානයේ ඔහු තීරනයක් ගත්තේය.. සත්‍ය පැවසීමෙන් කරුණු සියල්ල පහසු වේවි..


🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now