🌷☘️𝙰 𝙻𝚒𝚝𝚝𝚕𝚎 𝙶𝚒𝚛𝚕☘️🌷

72 14 3
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xii⚫

🌷☘️𝙰 𝙻𝚒𝚝𝚝𝚕𝚎 𝙶𝚒𝚛𝚕☘️🌷

_______________________________________________
.

.

.

තත්පරයක් ගියේ නෑ ඒ වයසක කාන්තාව නැවැතත් කළු පැහැ බළලේක් බවට පත් වි අසල තිබු ජනෙල් කවුළුවකින් එළියට පැන ගියාය.. කිසිවක් කරගත නොහැකිව ඒඩන් ලියෝ දෙස බැලුවේය...

අපිට දැන් කරන්න දෙයක් නෑ... ඒඩන්... මේ එයා නෙමෙයි කියලා එයා දැන් කිව්වනේ... අනික එයා කතා කරපු විදිහෙන් තේරෙනවා එයා බොරුවක් නෙමේ කියන්නේ කියලා.... ලියෝ කීවේය...

ක්‍රම ක්‍රමයෙන් මෙම කුඩා පැල්පත සෙලවීමට පටන් ගත් අතර භූමි කම්පාවක් මෙන් පැල්පත දෙපැත්තට වැනෙන්නට විය... ලියෝ වහාම ක්‍රියාත්මක වි ඒඩන්වත් අල්ලා ගෙන විශාල ජනෙල් කවුළුවෙන් එළියට පැන ගත් අතර ඔවුන් දෙදෙනා පහළට පෙරළී පෙරළී ගොස් ගසක කඳක වැදී විසි වි ගියහ.... ලියෝගේ ශරීරය මත නැගගෙන සිටි ඒඩන් දුටුවේ පැල්පත පොළොවෙන් ඉහළට එසවී ඊට පහලින් කුකුල් කකුල් දෙකක් පැල්පතට සවි වි ඇති බවයි...

ක්ෂණිකයෙන් කුකුල් කකුල් මගින් ඉහළට එස වූ පැල්පත වනාන්තරයේ අදුරු දෙසට ලියෝ සහ ඒඩන්ගේ ශරීර වලට උඩින් පැන වේගයෙන් දිව ගිය අතර ලියෝ සහ ඒඩන් එකිනෙකා දෙස තුෂ්නිම්භූතව බලා සිටියෝය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ක්ෂණිකයෙන් කුකුල් කකුල් මගින් ඉහළට එස වූ පැල්පත වනාන්තරයේ අදුරු දෙසට ලියෝ සහ ඒඩන්ගේ ශරීර වලට උඩින් පැන වේගයෙන් දිව ගිය අතර ලියෝ සහ ඒඩන් එකිනෙකා දෙස තුෂ්නිම්භූතව බලා සිටියෝය... අවසානයේ තණකොළ ගසා දමමින් නැගිට ගත් ලියෝ ඒඩන්ගේ හිස කෙස් මත රැදී තිබු කොළයක් අතින් ගෙන ඉවත් කර ඒඩන්ගේ හිස පිස දැම්මේය... ලියෝ දෙසම බලා සිටි ඒඩන් එක්වරම ලියෝගේ බෙල්ල වටා දෑත‍් යවමින් ඔහුව සිප ගත්තේය... ලියෝ ද පසුව ඒඩන්ව සිප ගත්තේ මොහොතකට සියල්ල අමතක කරමින්ය... දීර්ඝ හාදුවකින් පසුව ඒඩන් සහ ලියෝ හති දමමින් එකිනෙකා දෙස බලා සිනාසුණු අතර නැවතත‍් ඔවුන් සුදානම් වි බාබා යාගා සොයා ගියහ....

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now