🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter iii⚫
🧙🔮𝚃𝚑𝚎 𝚆𝚒𝚝𝚌𝚑𝚎𝚛🔮🧙
_______________________________________________
.
.
.
ඇනා සහ ඒඩන් මිසිස් විල්සන්ගේ බෙහෙත් ටික ලබා දි ජස්ටින් අංකල්ගේ බේකරියට ගියේ රෑ කෑමට පාන් ගැනීමට සහ මායාකාරීය ගැන විස්තර සොයා ගැනීමටය.. ඒඩන් නම් දවස මුළුල්ලේම බලා සිටියේ මේ මොහොත වෙනතුරුය... කෙසේ හෝ ඔහු බලාපොරොත්තු වූ මොහොත උදා වී ඇත...
හවස් වනවිට මෙම බේකරියට මිනිසුන් එකතු වෙන්නේ අල්ලාප සල්ලාපයේ යෙදිමටය.... එදිනෙදා කටයුතුවල හෙම්බත්ව සිටින කාන්තාවන් ද, වයසක මිනිසුන්ද, රැකියා කටයුතුවල නිරත වූ අයද නිවසට යාමට මොහාතකට පෙර මෙම බේකරියේ නතර වෙති..වඩාත් පිළිගත හැකි හේතුව වූයේ මෙම ස්ථානය අන් ස්ථානවලට වඩා ප්‍රියමනාප වූ නිසාය.. බොහෝ මිනිසුන් තැබෑරුම්හලට යනවාට වඩා මෙතනට කැමති වූහ... එසේම ඔබට කට කතා හා ඕපදූප විශාල වශයෙන් අසන්නට ලැබෙන හොඳම ස්ථානයත් මෙය වෙයි...
ඇනා සහ ඒඩන් ඉදිරිපස දොර විවෘත කරමින් ඇතුළට යනවිට දොරට සම්බන්ධ කර තිබු සීනුව නාද විය...ඇතුළට ගිය ඒඩන්ට නම් දක්නට ලැබුවේ මිනිසුන් බොහෝ රැස්වී ඇති බවයි... ඔවුන් එකිනෙකාට විහිළු තහළු කරමින් සිනහවෙන් තම කාලය ගත කලහ.. විශාල දිගින් යුක්ත ලී මේස හතරක් මැදින් හා ඉතුරු ඉඩ ඇති දෙපස කුඩා ලී මේස වලින් යුක්ත මෙම ස්ථානය ඇත්තෙන්ම පියකරු ස්ථානයකි...
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasía✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~