🧙‍♀️🎐𝚃𝚑𝚎 𝚁𝚎𝚊𝚕 𝙾𝚗𝚎🎐🧙‍♀️

63 13 3
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xiii⚫

🧙‍♀️🎐𝚃𝚑𝚎 𝚁𝚎𝚊𝚕 𝙾𝚗𝚎🎐🧙‍♀️

_______________________________________________
.

.

.

ම්හු... ලියෝහ්..අපි කොහෙද මේ...

ආව්ශ් ඒඩන්...

ලියෝට තුරුළු වෙලා හිටපු ඒඩන් එකපාරට කලබල වෙලා නැඟිටන කොට ලියෝගේ නිකටේ ඒඩන්ගේ ඔලුව වැදීම නිසා නොදැනුවත්ම ලියෝට කෑ ගැස්සුණා.. වැදුණු පහර කෙතරම් සැරද යත් ලියෝට එම නිසා ඇස් වලින් කදුළුත‍් පැන්නා..

අනේ අනේ සමා වෙන්න ලියෝ.. ඔයාට ගොඩක් රිදෙනවද...ඒඩන් කලබල වි ලියෝගේ මුහුණ අත ගාමින් පැවසුවේය..

ම්ම් රිදෙනවා නම් තමයි හැබැයි මෙතනට පොඩි දෙයක් දුන්නොත් හොඳ වෙයි...

ලියෝ දඩබ්බර ලෙස තම නිකට පෙන්වා ඒඩන් දිහා ඇස් ගසමින් බලා සිටියේය..

ඒඩන් මොහාතක්වත් පමා නොවී ලියෝගේ තොල් මත නැඹුරු විය.. ඒඩන්ගේ ක්ෂණික ප්‍රතිචාර හමුවේ ලියෝ මඳක් පුදුම වි සිටියත් පසුව ලියෝ ඒඩන්ව තණගොල්ල මත පෙරළා ගෙන සිප ගත්තේය... කණා මැදිරියන් ඔවුන් වටේ පියාසර කරමින් එම මොහොත තවත් සුන්දර කළේය...

. 🌷🐛🌷🐛.

ලියෝ දැන් නම් ඔයාට මහන්සි... පොඩ්ඩක් නවතිමු අපි දැන්...

ම්ම් හරි එහෙනම් පොඩ්ඩක් නැවතිලා යමු..

ලියෝව බොහොම අමාරුවෙන් නවත්ත ගත්ත ඒඩන් ලියෝගෙ කරෙන් බිමට බැස්සේය...අසල තිබු විශාල ඕක් ගසට හේත්තු වි වාඩී වුණු ලියෝ ඒඩන්ව තම කකුල් දෙක අතරින් උඩට ගත්තේය... ඒඩන් ලියෝගේ පපුවට හේත්තු වෙමින් මහන්සි ඇරියේය...

කණා මැදිරි එළි ඇරෙන්න අවට කිසිදු ආලෝකයක් නොමැත.. අඩුම මෙම ඝන වනාන්තරයට සඳ එළියවත් නොලැබේ... හතර වටින් විශාල රූස්ස ගස් පමණි ... වනාන්තරයේ බියජනක හා අද්භූත බව විදහා දැක්වීමට බස්සන්ගේ හූමිටි හා සර්පයන්ගේ සූ හඬ ද පියාසර කරමින් ඒ මේ අත යන කුරුල්ලන්ගේ කෑ ගැසීම් වලින් ද විශාල මාංශ භක්ෂක සත්තුන්ගේ ගෙරවිලි හඬින්ද සුළඟට වැනෙන රූස්ස ගස් එකිනෙකා ඇතිල්ලීමෙන් ඇති වන අමුතු කෙඳිරිලි හඬින් ද වනය බියපත් බව පෙන්නුම් කරති...

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now