💝💒𝙷𝚒𝚜 𝙻𝚘𝚟𝚎💒💝

103 25 16
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter vii⚫

💝💒𝙷𝚒𝚜 𝙻𝚘𝚟𝚎💒💝

_______________________________________________
.

.

.


Aden pov...

ඔයා ඇවිල්ලා....

මගේ ඇඟේ බරක් දැනිලා මන් ඇහැරිලා බලන කොට දැක්කේ මාව  බදාගෙන ඉන්න එයාව.. අනේ එයා ඇවිත්... මට ආව සතුටට කෑ ගැහුවා විතරයි.. එයා එකපාරටම ඇස් ඇරියා... තත්පර දෙක තුනක් අපි දෙන්නා බලාගෙන ඉන්න ඇති එයා එකපාරටම ඇඳෙන් බිමට බැස්සේ මාවත් පෙරළ ගෙන... එයාට එකපාරටම මොකද වුණේ...

එතකොට ඔයයි මාව ගෙන්නුවේ... ඒඩන් ඇලෙක්සැන්ඩර් එහෙම නේද...

මොකක්...

එයා එයාගෙ සීතල ඇස් වලින් මන් දිහා බලාගෙන දත් එකිනෙකට තද කරගෙන තදින් කතා කරනකොට බොරු කියන්න ඕනේ නැනේ මන් ඇත්තටම බය වුණා... මට හිතාගන්න බැරුව එයා දිහා බලාගෙන හිටියේ එයා කියපු එකක්වත් මට තේරුනේ නැති නිසා.. මන් එයාව ගෙන්නුවා එක වෙන්නේ කොහොමද මම එයාව ඇන්ඳට  පස්සේනේ එයා ආවේ... බැරි වෙලාවත් මෙයා නරක කෙනෙක් වුණොත් එහෙම... මට බැහැනේ චිත්‍රයකට හොඳ නරක අඳින්න... අනේ බැරි වෙලා හරි නරක කෙනෙක් වුණොත්...

ඒක වෙන්න බැහැනේ මන් ඔයාව ඇඳපු නිසානේ ඔයා ආවේ..

ඔයාට වැරදිලා ඒඩන්... ඔයා මට මිනිස් ශරීරයක් දුන්නා විතරයි.. ඒ කොහොම උනත් ඔයා මම වගේම මේ ශරීරය නිර්මාණය කරලා තියෙනවා... මම ඔයාගෙ ශ්‍රේෂ්ඨ නිර්මාණයක්....

මට තේරෙන්නේ නෑ...

ඇත්තටම මෙයා මොනවද මේ කියන්නේ... එයාව එයා වගේම ඇදලා තියෙනවා.. අනේ මන් එයාව ඇන්දේ මගේ ඔලුවට ආපු රූපේ නිසානේ...

මන් තමයි ඔයාගෙ ආරක්ෂක දේව දූතයා... ඔයා ඇඳපු හැම දෙයකම පණ ආවේ ඔයා අර බාබා යාගා මායාකාරීගේ පොත කියවපු නිසා.. මන් හැමදාම ඔයාගෙ පිටිපස්සේ හිටියා.. ඒත් ඔයා අර මායාකාරීගේ ගෙදරට යන එක නවත්තන්න මට බැරි වුණා..

ඔයා පිළිගන්න ඕනේ මම ඔයාගේ නිර්මාණයක් කියලා ,
එක් යුගයක බිහිවූ ශ්‍රේෂ්ඨම නිර්මාණයේ හිමිකරුවා වීම ගැන ආඩම්බරයක් නැද්ද...

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now