🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter viii⚫
❤️🔥𝚆𝙸𝚃𝙷 𝚑𝚒𝚖❤️🔥
_______________________________________________
..
.
මොහොතක් එකිනෙකා දෙස බලා සිටි ඔවුන් දෙදෙනා සිප ගැනීමට ලං වන විටම ඒඩන්ගේ ආරක්ෂක දේව දූතයා ඈත් වීම හේතුවෙන් ඒඩන්ට ලැජ්ජාව මුසු කෝපයක් දැනුණු අතර ක්ෂණික ඇති වූ තරහව නිසා තම දූතයාගේ කමිස කරෙන් ඇද බලහත්කාරයෙන්ම ඔහුව සිප ගත්තේය... සුළු මොහොතකින් දෙදෙනාම සිප ගැනීමට එකිනෙකාට සහය වුණි...
ඒඩන්ගේ ආරක්ෂක දේව දූතයා ඒඩන්ගේ දෙතොල් සිප ගන්නා අතරේ ඇනා ඒඩන්ගේ කාමරයට පැමිණිම හේතුවෙන් ඇනා ද ඒඩන්ගේ ආරක්ෂක දේව දූතයා ගැන දැනගත්තාය...
කරුණු කාරණා සියල්ල පැහැදිලි කල ඒඩන් තම නියපොතු කන ගමන් ලැජ්ජාවෙන් කෑම මේසයේ ඉඳගෙන සිටියේය... ඒඩන්ගේ ආරක්ෂක දේව දූතයාට නම් කිසි වගක් නැත... ඔහු ඔහුගේ පාඩුවේ ඇනාගේ කෑම රස විඳිමින් සිටියේය... ඔහුගෙ බඩගින්න කෙතරම් ද යත් ඔහු ඒඩන්ගේ කෑම එක පවා කෑවේය..
ඇනා නම් ඔහු ආහාර ගන්නා අයුරු දෑත් බැදගෙන බලා සිටියාය.. ඇය වෙනදාට වඩා තම සොහොයුරා දෙස උවමනාවෙන් බැලුවාය.. ඔහුගෙ කම්මුල් රත් පැහැ ගැන්වී ඇති අතර දෙතොල් මත දත් පහරක් නිසා තරමක් ඉදිමී ඇත... වෙනදාට වඩා ඔහුගෙ කළු ඇස් බෝල දිලිසුණ අතර කවදත් කෑමට ප්‍රිය කල ඔහු ඔහුගෙ කෑම එක පවා තම ආරක්ෂක දේව දූතයාට දෙන අයුරු ඇනා බලා සිටියාය...
ආහාර ගෙන අවසන් වූ පසු සියලු දෙනා කතා කරන්නට පටන් ගත් අතර සියලු සත්‍ය ඇනා හට පැවසීය...
හරි දැන් මට ඔයා කියන්න මොකක්ද ඔයාගෙ නම....
ඇනා තම සොහොයුරාගේ ආරක්ශක දේව දූතයා දෙස බලමින් ඇසුවාය... ඇයට නම් ඔහු කෙරෙහි බියක් දැනුනේ නැත.. ඇය ඔහුව දුටුවේත් තම සහෝදරයා මෙන් පොඩි කොල්ලෙකු ලෙසිනි... මේ ගෙවූ මොහොතට ඇයට නම් ඔහු සැබෑ ආරක්ශක දේව දූතයෙක්ද යන්නත් සැකයක් විය.. මෙතරම් ආහාර ගැනීමට ප්‍රිය කරන දේව දූතයෙක් පිළිබඳ ඇය කෙදිනකවත් අසා සිටියේ නැත...
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~