🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xxi⚫
🎯⏳𝚃𝚑𝚎 𝙼𝚒𝚜𝚜𝚘𝚗⏳🎯
_______________________________________________
.
.
.උදෑසනින්ම අවදි වූ ඒඩන් සහ ඇනා කඩිමුඩියේ පිරිසුදු වි ලෑස්ති වූ අතර උදෑසන ආහාරවත් නොගෙන නිවසින් පිට වූහ... ඔවුන් සුදානම් වන්නේ නගරාධිපති ජෝඩුව පසුපස ඔත්තු බැලීමටය.... මීලාගෝවල නගරාධිපතිගේ කුඩා සහෝදරයා කොයි ආකාරයෙ අයෙක් ද යන්න බැලීමට ඒඩන්ට අවශ්‍යය විය... එසේම බෙන් සමග වචනයක් හෝ කතා කිරීමට ඇනාට අවශ්‍ය විය... ඔවුන් දෙදෙනා උදෑසන ආහාර නොගෙන පැමිණ නිසා දෙදෙනාම ජස්ටින් මහතාගේ බේකරියට ගියහ....
ජස්ටින් අංකල්... කෝපි දෙකයි, චොක්ලට් බනිස් දෙකයි...ඇනා ඇතුළු වූ විගසම ජස්ටින් මහතාට හඬ නගා පැවසූ අතර ඒඩන් වහා දිව ගොස් ඔවුන්ගේ සුපුරුදු මේසයේ අසුන් ගත්තේය... ඇනා ද පසුව පැමිණ අසුන් ගත් අතර දෙදෙනා උද්යෝගයෙන් පිරි ඉතිරී සිටියහ... බොහෝ කලකට පසු මෙලෙස ඔවුන් දෙදෙනා එක්ව මෙවැනි ක්‍රියාවක් කිරීමට සුදානම් වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා බොහෝ සතුටු වූහ...
ඒඩන් අපේ මෙහෙයුමේ පළවෙනි අදියර තමයි නගරාධිපති කාර්යාලය ඇතුලට යන එක... හේතුවක් නැතුව යන්න බැහැනේ...හේතුවක් හදාගන්න වෙයි...
ම්ම් ඔව් ඒක ඇත්ත...
ඒඩන් අපිට එයාලව මුණ ගැහුනෙ නැති වුණත් කමක් නෑ අපි දෙන්නා ජෝඩුවක් වගේ අද දවස සතුටින් ඉමු හාද..
හා හොඳට කමු අපි අද මොනවා නැතත‍්.... පඩිය ආවම ඉතුරු කරගමු....
නියමයි... දැන් මේක කාලා අපි යමු...
ඇනා සහ ඒඩන් ආහාර සදහා මුදල් ගෙවා එළියට පැමිණ කඩ වීදියේ ඉදරියට ගියහ... කලබල වූ අශ්වයෙක්කුගේ කෑ ගැසීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය එදෙසට යොමු වුණි... එක්වරම වේගයෙන් දිව ආ අශ්වයා සහිත කරත්තය ඇනාගේ අසලින් ගමන් කර අතර ඒඩන් ඇයව ළඟට ඇඳ ගනිමින් බේරා ගත් නමුත් කරත්තයේ තිබු ලෑලි කෑල්ලක් වැදී ඇනාගේ කකුල තුවාල වුවාය... ඇනා බිම වාඩි වී සිටියදීම ගලක් ඇහිඳ ගත් ඒඩන් එය අශ්ව කරත්තය දෙසට විසි කල අතර නවතා තිබූ අශ්ව කරත්තයෙන් එලියට ආ අයෙක්ගේ හිසෙහි ගල වැදුණි...ඒ අවස්ථාවේදීම අශ්ව කරත්තයෙන් තවත් එක් අයෙක් බැස්සේය...
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~