🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xxix⚫
🖼️🍄𝚃𝚑𝚎 𝙴𝚗𝚍🍄🖼️
_______________________________________________
..
.
නිදා සිටින ලියොන්ට කොළ පැහැති කොටු කොටු බ්ලැන්කට් එක පොරවා ඇඳෙන් බැස නගරාධිපති බෙන් සොයා ගිය ඒඩන් නගරාධිපති බෙන්ගේ කුටිය අසල මඳක් සිටගෙන බලා සිටි අතර දීර්ඝ හුස්මක් හෙළා දොරටු තට්ටු කෙළේය....
මේ වන විට ග්‍රීන්බ්ලැක්ස්ටෝන් මන්දිරය අදුරේ ගිලී පවතින අතර ඒඩන් මේ සැරසෙන්නේ ලියොන්ගේ හමු වීම පිළිබඳ නගරාධිපති බෙන්ගෙන් ඇසිමටය....
නගරාධිපති බෙන්...
ඒඩන්....
බෙන් මන් ආවේ.....
ලියොන් ගැන දැනගන්න නේද...
ආහ්... ඔව්... මේ...
මන් දන්නවා ඔයා පුදුම ඇති එක ගැන...
මෙකයි මට ලියොන්ව හම්බ වුණේ අපේ මීලාගෝවල තිබුණු මන්දිරයේ පිටුපස ගේට්ටුව ළඟ වැටිලා ඉඳලා... අපේ අම්මා තමයි ලියොන්ව මුලින් දැක්කේ.. එයාට ඕන වුණා ලියොන්ව තියා ගන්න...වෛද්‍ය ජේම්ස් තමයි එයාට බෙහෙත් කරේ... එයාව හම්බ වෙලා මාස දෙකකට පස්සේ එයාට සිහිය ආවේ... අපේ අම්මා තමයි ළඟ ඉඳලා තියෙන්නේ.. මෙයා අම්මට අම්මේ කියලා කතා කරලා දැනුවත්ව හෝ නොදැනුවත්ව...ඉතින් අපේ අම්මා එයාව තියා ගත්තා... ලියොන් කියන නම මම දුන්නෙ මොකද... එයා හීනෙන් එකේක ඒවා කිව්වා... ලියෝ ඒඩන් ඇලෙක්සැන්ඩර් ඇනා වගේ නම් කිව්වා.... ඒඩන් කිව්වහම මට හිතුනේම ඔයා කියලා... මොකද ඔයාගේ සිතුවම් හෙන ප්‍රසිද්ධයි අපේ මීලෝගෝවලත්... හොයල බලද්දි දැන ගත්තෙ ඇලෙක්සැන්ඩර් පවුල ගැන.. මට ඒත් හිතුනා ඔයා ලියොන්ව දන්නවා ඇති කියලා... ඒත් ඇනා දන්නේ නෑ කියලා මට කිව්වා...
සියල්ල සාවධානව අසා සිටි ඒඩන් නගරාධිපති බෙන් දෙස එක එල්ලේ බලා සිටියේය.... ලියොන්ට මතකය අවදි වූ බව දන්නේ ඒඩන් පමණි... ඇනාට ද පෙර සිදු වූ සියල්ල මතක නැත... එසේ නම් නගරාධිපති බෙන්ට සැක නොහිතන පරිදි පිළිතුරු ලබා දිය යුතුය....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්‍රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~