🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xvii⚫
🌟🐞𝚂𝚝𝚊𝚛 𝙵𝚕𝚘𝚠𝚎𝚛🐞🌟
_______________________________________________
.
.
.ලියෝ ඒඩන් සොයා යන විට ඒඩන් තද නින්දේ පසු විය... නැවත යාමට කාලය එළඹී ඇති නිසා ලියෝ ඒඩන්ව අවදි කිරීමට උත්සහ කළේය... ඒඩන්ගේ කබාය මත නැගී බොත්තම් වල එල්ලී එල්ලී ගොස් අවසානයේ ඒඩන්ගේ ගෙල ආවරණය කර තිබු ස්කාෆය මතට පැන ගැනීමට ලියෝට හැකි විය... ඒඩන්ගේ තොල් පෙති තම පුංචි අතින් අල්ලා ගත් ලියෝ සෙමින් සෙමින් ඒඩන්ගේ දෙතොල් පිරි මැද පහත් වි හැපුවේය... නමුත් එය ඒඩන්ට දැනුනේ නැත...මක් නිසාද යත් පුංචි ලියෝගේ සපා කෑම කුබියෙකු හපනවාටත් වඩා කුඩා නිසාය... නමුත් අවසානයේ ලියෝගේ දග වැඩ හේතුවෙන් ඒඩන් අවදි විය....
ලියෝ ඔයා කොයි වෙලේ ද ආවේ....
තම ස්කාෆයේ එල්ලී සිටින ලියෝව වඩා ගනිමින් ඒඩන් ඇසුවේය...
ම්ම් දැන් ටිකක් වෙලා... මන් අරක අරන් ආවා... අපිට දැන් තියෙන්නේ ඊළඟ එක..
කණාමැදිරි විලෙන් ආලෝක තරුව ගන්න එක....
ඒඩන් සිතියම දිග අරිමින් ආලෝක තරුව පිහිටා ඇති කණා මැදිරි විල සෙව්වේය....
ඒක ගොඩක් දුරයි ලියෝ... අපිට දවසක් විතර යයි එකට... දැනටම රෑ වෙලා.. අපි ඇවිත් දවස් කීයද කියලා හොයාගන්නත් බැහැ මෙහෙ එකෙක කාලයන් තියෙන නිසා...
ම්ම් ඒඩන්.. අපි දැන් කොහාටද යන්න ඕනේ...
මේක තියෙන්නේ කෙලින්ම යන්න විතරයි... ලියෝ..
හාහ් කෙලින්ම මේ මොන මගුල අස්සේ ද ඔය විල තියෙන්නේ...
ලියෝ තරහින් කෑ ගැසුවේය.... ඔහුට ඇනාගේ සුප් මතක් විය... දවස් ගාණක් ඇවිද යාම නිසා ලියෝ මහත් බඩගින්නක සිටියේය...දන්නේ නෑ ලියෝ අපිට තියෙන්නේ කෙලින්ම යන්න විතරයි.... ඒඩන් දුකින් ලියෝ දෙස බලා සිටියේය...
ලියෝ ඔයාට මන් නිසා කරදරයි නේද....
කට... කට.... තමුසෙට මගෙන් ගුටි කන්න ඕනේ වෙලාද ඒඩන්... තමුසෙ මගේ වස්තුව.... මන් තමුසෙගේ ආරක්ෂක දේව දූතයා... කොහොම කරත් මට ඔයාගෙ පස්සෙන් එන්න වෙනවා... කට වහගෙන යමු දැන්... අපි මෙක ඉවර කරමු හොඳද ම්ම් ඒඩන්... ඒත් මට බඩගිනිනේ... ම්හ්ම්..
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasía✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~