🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xxii⚫
🌥️🎋𝚃𝚑𝚎 𝙳𝚊𝚢🎋🌥️
_______________________________________________
..
.
අපේ වැරද්ද... අපේ අශ්වයාට තවම මේ ප්‍රදේශය හුරු නැහැ...
ඇනාගේ තුවාල වූ පාදයට බෙහෙත් දමමින් නගරාධිපති බෙන් පැවසුවේය... ඇනා කිසිවක් නොකියා ඔහු බෙහෙත් දමන අයුරු බලා සිටියේ තම දිදුළන දෑස් වලිනි...
ඔය දෙන්නා නේද ඇලෙක්සැන්ඩර් සහෝදර සහෝදරියන්..
ඔව් ඇත්තෙන්ම නගරාධිපති තුමනි...
ඇනා ලැජ්ජාව මුසු වූ හඬකින් පිළිතුරු දුන් අතර ඇය යමක් මතක් වුවා සේ ක්ෂණිකව ඒඩන් දෙස බැලුවාය... ඒඩන් ඇය දෙස හොරෙන් බලමින් සිනහසුණු අතර ඔහු මුළු කාමරය පුරා දෑස් යෑව්වේය... බුමුතුරුණු මත කොළ පාට කාපට් එකක්ද අතුරා ඇති අතර විශාල පොත් රාක්කයක් සහ ලාච්චු සහිත ලියන මේසයක් ද කාමරයේ විය... පසෙක ඇති කුෂන් පිරවූ හාන්සි පුටු මත අනෙක් නගරාධිපති හිද ගෙන සිටියේය.... ඒඩන් තවමත් කාමරය පුරා දෑස් යවමින් සිට ගෙන සිටියේය...සියලුම බඩු මුට්ටු හා බිත්ති පාහේ අදුරු කොළ පැහැති විය... යම්කිසි ගුප්ත බවක සේයාවක් ඒවායින් දිස් විය...
ඔයාගෙ පුංචි සහෝදරයාගේ නම මොකක්ද ඇනා....
හාහ්... ආ.. ආ.. එයා ඒඩන් ඇලෙක්සැන්ඩර්...
කලබල වෙන්න එපා.. මන් ඔයාගෙ නම දැක්කේ පාසල් ගුරු සංගමයේ ලැයිස්තුවේ තිබිලා....නගරාධිපති බෙන් සුහදශීලීව පැවසුවේය...
හහ්... මගේ නම ලැයිස්තුවේ තිබ්බේ නැද්ද දන්නෙ නෑ හුහ්... කොහොම වුණත් අපේ එකීටත් හරි ගියානේ. ඒඩන් තනිවම සිතමින් බුමුතුරුණු මත පරෙස්සම් අඩි තැබුවේය.... ඔහු මින් පෙර මෙවැනි විශාල නිවසක් දැක නැත... ඉතින් ඔහු පුදුම වී සිටියේය....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Viễn tưởng✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~