🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter vi⚫
🧚♂️✨𝙰𝚗 𝙰𝚗𝚐𝚎𝚕✨🧚♂️
_______________________________________________
..
.
වෙනදාටත් වඩා ප්‍රබෝධමත් ලෙස පාන්දරින්ම අවදි වූ ඒඩන් හොඳීන් මුහුණ කට සෝදාගෙන තම සිතුවම් ඇඳීමට භාවිතා කරන පින්සල්, බුරුසූ තීන්ත කුප්පි ආදිය පිළිවෙළකට සකස් කළේය.... ඔහු මේ සුදානම් වන්නේ පෙර දිනයේ තම සිතෙහි පහළ වූ අදහස ක්‍රියාත්මක කිරීමටය....
අහම්බෙන් නමුත් ඊයේ ඔහු එළි පසු පස හඹා නොගියා නම් කිසි විටෙකත් මෙම අදහස පහළ නොවන්නේය...පෙර දින එම එම පැරණි දේවස්ථානයට ඇතුළු වීම සම්බන්ධව ඒඩන්ට සතුටු හිතුනි..ඔහු දීර්ඝ සුසුමක් හෙලා සිතුවම නිර්මාණය කිරීමට පෙළඹුණි....
පැය ගණනාවක් එක දිගටම නොනවත්වා තම සිතුවම ඇඳීමෙන් ඒඩන්ගේ දෑත් වේදනා දුන්නද ඔහුට මෙය අවසන් කරන තුරු ඉස්පාසුවක් නොමැති වීම නිසා පෙර දින රාත්‍රියේ හීනයෙන් දුටු ඒ කඩවසම් රූපය උපරිම මතකයට නගා ගෙන තම සිතුවම හා ඔට්ටු වූණේය.... වේලාව ගතවන අයුරු ඔහුට නොතේරුනි... පාන්දරින්ම පටන් ගත් මෙම සිතුවම සන්ධ්‍යා කාලයේ ඉර බැස අවසන් වන තුරුත් අවසන් නොවුණේය...
මෙය අනෙක් සිතුවම් මෙන් නොවේය.. දශමයක් හෝ හිතේ ඇඳි රූපය වෙනස් වනවාට ඒඩන් කැමති නොවුණේය... එම නිසා තම හිතෙහි නිර්මාණය වූ අපූරු අදහස නිමා වන තුරු ඔහු තමාගෙ වැඩ අවසන් නොකළේය... එතරම් කාළයක් චිත්‍රයක් සදහා වැය කිරීම ඒඩන්ගේ ක්‍රියා කලාපයේ නැතිම දෙයක් වූයේය... නමුත් මෙය ඒඩන්ගේ පලමු වතාව විය.... ඔහු එයට දොස් කීවේද නැත.. තමාට කෙසේ හෝ හිතේ ඇඳි ඒ කඩවසම් සීතල ඇස් සහිත දේව දූතයා ඇද අවසන් කිරීමට ඔහු තුළ දැඩි අවශ්‍යතාවයක් හට ගත්තා පමණි... ඒ සදහා ඒඩන් මහන්සි විය....
ගොම්මන් අදුර වැටීමත් සමඟ ඒඩන් තම සිතුවම රෙදි කඩකින් වසා දමා තම චිත්රාගාරයෙන් පිටතට ආවේය... දෑත් දෙපසට විහිදුවමින් ඇඟ මැලි කැඩූ ඔහු වැනි වැනිම තරප්පු පෙළින් බැස තම සොහොයුරිය සොයා පැමිනියේය....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~