🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xviii⚫
🍄🍃𝙻𝚘𝚜𝚝 𝙿𝚘𝚠𝚎𝚛🍃🍄
_______________________________________________
..
.
හොඳයි පලමු ප්‍රශ්නය ඔබ වෙත ඉදිරිපත් කරනවා...
එන්න එන්න වැඩි වෙනවා ඒත් කවදාවත් අඩු වෙන්නේ නැහැ....ඒ මොකක්ද...
ඒඩන් සහ ලියෝ එකිනෙක දෙස බලා පිළිතුර සිතමින් සිටියේය.... නමුත් ඒඩන් උත්තර දුන්නෙය....
වයස....
හොඳයි නිවැරැදියි....ඊලග ප්‍රශ්නය....
ග්‍රීක ඉතිහාසයට අනුව හොඳම කම්මල්කරුවා කවුද....
ඒ කවුද ලියෝ... ඒක නම් මන් දන්නේ නැහැ....
ඒඩන් ලියෝ දෙස බලා පැවසුවේය... ලියෝ සුළු මොහාතක් නිශ්ශබ්දව සිට කල්පනා කලේය....
කම්මල්... කම්මල්... කම්මල්.. කවුද.... ඒඩන්.... හිස් බඩ මගේ ඔලුවට මතක් වෙන්නේ නෑහ්....
සියුස්ට හෙණ ගහන්න... ලියෝ තමුසෙ ආරක්ෂක දේව දූතයෙක් වෙලත් ඕක දන්නේ නැද්ද... අර වැලි ටික හැලීලා ඉවර වෙන්න කලින් මතක් කරනවා..
ආ... හහ්... ඒඩන් ඔයා කලින් කිව්වේ මොකක්ද..
මොකක්ද මන් කිව්වේ....
දැන් මට බැන්නේ... ඒක ආපහු කියන්න....
වැලි ඉවර වෙන්න ළඟයි කියලා කිව්වේ...
නෑ.....නෑ.....ඊට කලින් මොකක්ද කිව්වේ...
ඊට කලින් මොකක්ද මන් කිව්වේ... ආ මන් කිව්වේ ආරක්ශක දූතයෙක් වෙලත් ඕක මතක නැද්ද කියලා....
නෑ නෑ මනුස්සයෝ ඕක නෙමේ මට ඇහුණා වෙන දෙයක් කියනවා... ෂික්... මතක නැනේහ්....
අනේ ලියෝ දැන් අපි වහල්ලු වෙයි වගේ වැලි ඉවර වෙන්න ළඟයි... සියුස්ට හෙන ගහලත් මදි.... ඇයි දෙයියනේ..
ආ හරි හරි මතක් සියුස්.... සියුස්....
උත්තරේ තමයි හෙෆාස්ටස්.....
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~