🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xxvii⚫
🏛️🎭𝙰𝚛𝚝 𝙶𝚊𝚕𝚕𝚎𝚛𝚢🎭🏛️
_______________________________________________
..
.
දවස් පහක් ගෙවී ගියේ ඇසිල්ලක වේගයකිනි.... මේ දවස් පහට ඒඩන් මෙම මන්දිරයේ පාලනය අතට ගත් අතර ලියොන් උතුමාණන්ව පාන් කිරිත්තෙක් තරම්වත් ගනන් ගත්තෙ නැත... සේවක සේවිකාවන් ද ඒඩන්ගේ බසට අවනත වූහ.. මක් නිසාද යත් ඒඩන් ඉතා සැහැල්ලු විනෝදකාමී පුද්ගලයෙකු නිසාය... සැන්දෑ සමයේ ඔවුන් එකට සෙල්ලම් කර අතර සමහර දිනවලදි සේවිකාවන් සමඟ එකට ආහාර පාන සෑදූවා මෙන්ම සියලු වැඩ අවසන් වූ පසු විනෝදයට වයින් සන්ධ්‍යාවක් ද පැවත්වූහ..... එම නිසා සියල්ලෝම ඒඩන් පුංචි උතුමාණන් ලෙස පිළිගෙන අවසන්ය....
ඕහ් එහෙනම් අපි ආවා..... මගේ ලියොන් කොහෙද..
ග්රීන්බ්ලැක්ස්ටෝන් මන්දිරය දෙසට ඇඳි ආ අශ්ව කරත්තයෙන් උජාරුවෙන් බැස ගත් හේලෝනා මන්දිරය ඉදිරිපිට දි විමසුවේ ඇනාටත් නගරාධිපති බෙන්ටත් ඇසෙන්නටය... හේලෝනාව දුටු සේවක සේවිකාවන්ගේ මුහුණු විරූපී වූ අතර ඉදිරියට ආ පාලිකාව ඔවුන් දුටු විගස ඔවුන්ව පිළිගන්නේ ද නැතිව මුළුතැන්ගෙය වෙත දිව ගියාය...පුංචි උතුමාණනේනි..... ඒඩන් උතුමාණනි...
ආ ඇයි ලිලීයෝ.... මොකද මේ දුවගෙන...
ඒඩන් විමසුවේ තමා වෙත හති ලමින් දිව එන ප්‍රධාන පාලිකා ලිලී දෙස බලමිනි... තම අතෙහි රැදී පිහිය ද පසෙකින් තබා ලිලී දෙස බැලු ඒඩන් පැලඳ සිටි ඒප්රනයද ගලවා ඉස්සරහට ආවේය......
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~