🌟🌀𝚃𝚑𝚎 𝙽𝚎𝚠 𝙼𝚊𝚢𝚘𝚛🌀🌟

50 11 5
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xx⚫

🌟🌀𝚃𝚑𝚎 𝙽𝚎𝚠 𝙼𝚊𝚢𝚘𝚛🌀🌟

_______________________________________________
.

.

.

හෙට බොශැන්ඩෝ වලට අලුත් නගරාධිපති කෙනෙක් එනවලු....හිටපු නගරාධිපති ලොගන් මිනිස්සුගෙන් ගසා කනවා කියලා ඉහළ අයට ලියුමක් ලැබිලා...

මේ ජස්ටින් අංකල්ගේ බේකරිය තුළ මෙවර ඇතිව තිබෙන උණුසුම් පුවතයි... කෝපි සහ චොක්ලට් පිර වූ කූකීස් බන්දේසියක් මේසය මත තබමින් ජස්ටින් අංකල් පැවසුවේය.... සියල්ලෝම කෝපි බොන අතරේ මෙම අලුත් නගරාධිපති පිළිබඳ කතාබහ කලේය.... ඒඩන් සහ ඇනාද ඔවුන්ගෙ කතාබහට එකතු වූහ....

එන මනුස්සයාත‍් බඩ තඩි එකෙක් ද දන්නේ නෑ...

ඒඩන්.... හරියට කතා කරන්න...

ඇනා ඒඩන්ට තරවටු කරන අතරේ අනෙක් අය සියල්ල ඒඩන්ගේ කතාවට සිනහසුනෙය....

ඒවා කියන්න බැහැ ඒඩන්... බඩ තඩි වුන් නම් ඇත්තටම ගසා කන වුන් ....රෝස් මහත්මිය සිනහ වෙමින් පැවසුවාය...

හැබැයි ආරංචිය හැටියට හොඳ තරුණ මහත්තයෙක්ලු .... අපි බලමුකෝ ඉතින්... මේ පාරවත් බොශැන්ඩෝ නගරයක් තරමට දියුණු වුණොත් හොඳයි...ජස්ටින් මහතා කෝපි කෝප්පයක් බොමින් පැවසුවේය...

ඒඩන් නම් අලුත් නගරාධිපති ගැන ඒ හැටි වගක් ගත්තෙ නැත... ඔහුට නැවතත‍් අවශ්‍යය වූයේ ලියෝ සමඟ තනි වෙන්නටය... කෝපි සාදයෙන් අනතුරුව ඒඩන් සහ ඇනා නිවස කරා ගියහ....

ඒඩන් ....හෙට ඉස්කොලේ තියෙන නිසා ඉක්මනට නිදාගන්න... රෑ තිස්සේ චිත්‍ර අඳින්න ලෑස්ති වෙන්න එපා හොඳද....

හරි හරි ඇනා... ඔයා ඔච්චර කලබල වෙන්න එපා අනේ...

හෙට හවස නගරාධිපති පිළිගන්න උත්සවයක් සංවිධානය කරලා තියෙනවාලු... ඔයත් එනවද...

නැහැ ඇනා... මට චිත්‍ර අඳින්න තියෙනවා...

ඒඩන් සිනහ මුසු මුහුණින් ඇනා සමඟ කතා කල අතර නිවසට පැමිණ තම කාමරයට ගියේය...

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now