🎨🖌️An aesthete🖌️🎨
⚫Chapter xxiv⚫
💤🍒 𝚆𝚒𝚗𝚎 𝚁𝚘𝚖𝚊𝚗𝚝𝚒𝚌 𝙵𝚎𝚎𝚕🍒💤
_______________________________________________
.
.
.කාමරයට ඇතුළු වූ ලියොන් උතුමාණන්, හැඟිම් විරහිත මුහුණකින් මේසය හා අල්මාරිය ආදී ලී බඩු සියල්ලෙහිම තම සුළැගිල්ල රැගෙන ගොස් දූවිලි ඇත් දැයි පරික්ෂා කළේය...
ම්ම් හොඳයි...තමුන් සතියක් යනකම් මෙහෙ ඉන්නෙ... ඇනාට ඒ ගැන කියලා තියෙන්නේ....
ඈ.. හහ්.. ඒ වුණාට මට වැඩ තියනවානේ...
තරහ මුසු මුහුණින් යුතුව ඒඩන් ලියොන් උතුමාණන් දෙස බලමින් කෑ ගැසුවේය...
ඒ ඉතින් මන් තමුන්ට රස්සාව දුන්නොත් විතරයිනේහ්...
යාහ්හ්හ්...
කෑ ගැහුවට වැඩක් නෑ.... කවුරුත් උඩ තට්ටුවේ නැහැ.... තමුසෙ ඉන්නෙත් මේ කාමරේ... නිදාගන්න පුළුවන්නේ ජනෙල ගාව තියෙන සෝපා එකේ... මේ ගේ ඇතුලේ වෙන කොහාටවත් යන්න තමුන්ට අයිති නැහැ...
ඈ... මේ මේ.. එව්ව හරියන්නේ නෑ.... මෙච්චර ලොකු පත හොල්මන් ගුහාවක් වගේ තියෙන ගෙදරක මට ඉන්න වෙනම කාමරයක් නැද්ද...
නෑ ඒවා වහලා තියෙන්නේ... අනික සේවකයන් හය වෙද්දී යනවා... ප්‍රධාන තුන් දෙනා විතරයි ඉන්නේ...
හුහ්...
පහළට ගිහින් රෑට කන්න ලෑස්ති කරනවා... මන් පිරිසුදු වෙලා එනවා දැන්...
එසේ පවසමින් ලියොන් නගරාධිපති කාමරයෙන් පිටතට ගියේය... ඒඩන් පහළ මාලයට යන විට සේවිකාවන් සියලු දෙනා කෑම මේසයට ආහාර පිළිගන්වා තිබු අතර ඒඩන් නැවත වරක් නිවසින් එළියට පැමිණියේය... කාලය ගෙවි ගොසින්ය... ඉර බැස ගොස් ගොම්මන් අදුර වැටී ඇත... තවත් සුළු වේලාවකින් සන්ධ්‍යා කාළය අවසන්ව රාත්‍රී කාලය එළඹෙනු නියතය... ඒඩන් නැවතත් නිවස තුළට ගියේය... ඒ වන විට ලියොන් උතුමාණන් කෑම මේසයේහි අසුන් ගෙන සිටියේය..
ඒඩන් ඇලෙක්සැන්ඩර්... වෙලාවට වැඩ කරන්න... දැන් ඇවිත් කන්න...
ලියොන් උතුමාණන්ගේ සීතල ගැඹුරු කට හඬ මුළු නිවස පුරාම දෝංකාර දෙන්නට විය... සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඩය... සේවිකාවන් සියල්ල බිය වි හිස පහත් කරගෙන කෙළවරට වන්නට සිටියේය... ලියොන් උතුමාණන් පුටුවේ එක සීරුවට වාඩි වී සිටි අතර සේවිකාවක් මගින් ආහාර පිළිගැන්වීම සිදු කලාය..
YOU ARE READING
🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️
Fantasy✅Completed... ඒක කතන්දරයක් ද!!! නෑ ඒක පුරාවෘත්තයක්.... ග්රීන්බ්ලැක්ස්ටෝන් පුරාවෘත්තය තමයි සිතුවම් කලාව හා සම්බන්ධ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය... ~Ҝ卂丨~