🖋️📚𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝙳𝚞𝚝𝚒𝚎𝚜📚🖋️

67 12 12
                                    

🎨🖌️An aesthete🖌️🎨

⚫Chapter xxvi⚫

🖋️📚𝙻𝚘𝚟𝚒𝚗𝚐 𝙳𝚞𝚝𝚒𝚎𝚜📚🖋️
_______________________________________________
.
.
.

සේවිකාවන් සියලු දෙනා උදේ පාන්දර හයේ කණිසම ලං වන විට නගරාධිපතිගේ ග්‍රීන්බ්ලැක්ස්ටෝන් මන්දිරය ඉදිරිපිට රැස් වන අතර ප්‍රධාන පාලිකාව යටතේ ඔවුන් විවිධ කාර්යයන් සඳහා යොමු වෙති... උදෑසන අට වන විට ලියොන් උතුමාණන්ගේ උදෑසන ආහාර වේල සුදානම් විය යුතු අතර මුළු මන්දිරයම පිරිසිදු කොට දූවිලි ඉවත් කර තිබිය යුතුය....

යම් හෙයකින් අතපසු වීමක් සිදු වුවහොත් ඔවුන්ව ඔවුනගේ රැකියාවෙන් නෙරපා හැරීමට පියවර ගන්නා අතර සියලුම සේවක සේවිකාවන් තමන් අතින් වරදක් සිදු නොවන අයුරින් ඉතා ප්‍රවේසමෙන් කටයුතු කරනුයේ ග්‍රීන්බ්ලැක්ස්ටෝන් මන්දිරයේන් පලවා හැරියා නම් වෙනත් කිසිදු උසස් ස්ථානයක රැකියාවක් සිදු කිරීමට නොහැකි නිසාය...

දිනපතා කාල සටහනට අනුව ක්‍රියාත්මක වන ලියොන් උතුමාණන් උදෑසන අටේ කණිසම පහු වුවද අවදි නොවූ නිසා සියලු දෙනා අපේක්ෂා භංගත්වයේ ගිලී සිටියෝය... උදෑසන ආහාරය නිවී ගොස් ඇති අතරම පිළියෙල කොට තිබු කෝපි කෝප්පයේ උණුසුම ද මේ වන විට අවසන් වි ඇත... පැය ගණනකට අධික කාළයක් තිස්සේ බලා සිටි සියලුම සේවිකාවන් ප්‍රධාන පාලිකාවගේ අණ අනුව තම තමන්ට නියමිතව තිබූ කටයුතු සඳහා පිටත්ව ගියහ....

දහවල උදා වූ බව සනිටුහන් කරමින් දොළහේ කණිසම වැදුණු අතර පැය භාගයකට පසු ඒඩන් ප්‍රථමයෙන්ම අවදි විය... ලියොන් උතුමාණන් තවමත් ඒඩන්ව තුරුළු කරගෙන නිදා සිටි අතර ඒඩන් තම දිගටි ඇඟිලි තුඩු වලින් ලියොන්ගේ මුහුනට වැටී තිබුණු ලෙමන් කහ පැහැති කෙස් රොදක් කන පිටුපසට කළේය...

ආහ්හ්.... ලියෝහ්..... තමුසේහ්හ්... ඉවරයිහ්හ්.... මනුස්සයෝහ්....

ඇඳ මත හිද ගැනීමට උත්සහ කල ඒඩන් හයියෙන්ම කෑ ගැසුවේ පිටුපසින් ආ වේදනාවට මෙන්ම කොන්දේන් නැගුණු හිරි වැටීමටය... එකවරම නිදා සිටි ලියොන් ගැස්සී අවදි වූයේ ඒඩන්ගේ සුමිහිරි කෑ ගැසීම් හඬටය... ලියොන් නිදි මත මුහුණින් යුතුව ඒඩන් දෙස බලා සිටි අතර නැවත බ්ලැන්කට්ටුව පොරවා ගත් ලියොන් නිදාගන්නට සැරසෙන විටම ඒඩන් අතට හසු වූ කොට්ට වලින් දමා ගැසුවේ මන්දිරයම හෙළවී යන තරම් හඬිනි....

🖌🎨An Aesthete🖌🎨ᶠᵃⁱʳʸᵗᵃˡᵉ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ✔️Where stories live. Discover now