01. Theater Room

2.8K 165 37
                                    

තියටර් රෑම් එක පුරා දැල්විලා තිබුනු සුදු පාට දීප්තිමත් බල්බ නිවිලා යද්දිම වගේ බිත්තිවල තැනින් තැන තිබුනු නිල් පාට ලයිට් දැල්වුනා. මීට පැය කිහිපයකට කලින් පටන් ගත්ත ගොඩක් අපහසු හදවත් බද්ධ කිරීමේ සැත්කම අසාර්ථක වුනේ ආසධ්‍ය රෝගියා එයාගේ අවසන් හුස්ම හෙලද්දි. සීනියර් ඩොක්ටර් ඇතුළුව හිටපු ඩොක්ටර්ස්ලා හතරදෙනාම තියටර් රෑම් එකට ළඟින්ම තිබුනු සින්ක් ඒරියා එකට ඇතුලු වුනේ එයාලාගේ ග්ලවුස්.. මාස්ක් වගේම ඔපරේශන් කිට් ටිකත් ගලවලා යම් තරමකට පිරිසිදු වෙන්න.



" ඔහොම තමයි.... අපි කරන සර්ජරි... කොහෙත්ම සීයට සීයක් සාර්ථක වෙන්නැ... ඩොක්ටර් ක්ලෝයි.. ඔයා හොඳින් නේද..? "




" ඔව්.. ඩොක්ටර්.. ෆෙන්.. මම හොදින්..."




එතනින් වැඩිම අත්දැකීම් වගේම පලපුරැද්ද තිබුනු වයස අවුරැදු පනස් ගානක් වුන සීනියර් ඩොක්ටර් ෆෙන් ඇහුවේ ඊයේ හොස්පිට්ල් එකට අලුතින්ම පත්වීම ගත්ත ක්ලෝයිගෙන්. දාඩිය දාලා තිබුනු තමන්ගේ අල්ල වතුර ගලන ටැප් එකට අල්ලන ගමන් ක්ලෝයි කිව්වේ යන්තමින් මවා ගත්ත හිනාවකින්.




" ඕකේ.... අපිට ආයෙත් අනිද්දා සර්ජරි එකක් තියනවා.. කිඩ්නි පේශන් කෙනෙක්ගේ.. ⁣ක්ලෝයි ඔයා ඩොක්ටර් ටේලර්ගෙන් පේශන්ගේ රීපෝට්ස් අරන් බලලා ඒක ස්ටඩී කරන්න.. "


" හොදයි ඩොක්ටර්... "





ඩොක්ටර් ෆෙන් රෑම් එකෙන් එළියට යද්දි එතන හිටපු ⁣අනික් ලේඩි ඩොක්ටර්ත් පිටවුනා. ඔලුවට දාලා තිබුනු කැප් එක ගලවපු ⁣ක්ලෝයි පෝනිටේල් එකක් දාලා තිබුන එයාගේ තද දුඹුරැ පාට කොන්ඩේ උඩට කරලා බන් කරගත්තා. සීතල වතුරෙන් මූණ හෝදගත්ත ක්ලෝයිගේ ඇස් නැවතුනේ මිරර් එකෙන් එයා දිහා බලලා හිනාවුන ඩොක්ටර් ටේලර් ගාවින්.


" මගේ පළවෙනි සර්ජරි එක්ස්පිරියන්ස් එකත් ඔය වගේමයි.. ඒත් එයා චුටි ළමයෙක් කැන්සර් එකක් නිසා..... අපිට එයාව බේරගන්න බැරි උනා... ඩොක්ටර් කෙනෙක් වෙනවා කියන එක ලේසි නැ... ජිවිත නැති වෙන දිහා.. කෙනෙක් අන්තිම හුස්ම ගන්න දිහා.. අත්වල ලේ ගාගෙන බලන් ඉන්න.. එක... ඇත්තටම... "



THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now