02. Attendants' Smirk

959 142 15
                                    

තියටර් රෑම් එකේ ඇද ළඟම තිබුන හාට්රේට් එක පෙන්වන මැශින් එකේ සටහන් වෙලා තිබුන උස් රේඛා ටිකින් ටික අඩු වෙලා පහළට වැටිලා තනි රේඛාවක් වෙන දිහා ක්ලෝයි බලන් හිටි⁣යා. එයාගේ අතේ තිබුනු සර්ජරි ටූලස් එයාගේ ඇඟිලි වලට හිර වුනා. ඊට තත්පර ගානකට පස්සේ ඩොක්ටර් ෆෙන් එතනින් එහාට යද්දි තියටර් රෑම් එකේ මේන් ලයිට්ස් ඕෆ් වෙලා නිල් පාට වෝල් ලයිට්ස් ටික ඔන් උනා.

" මම ගිහින් එයාගේ ෆැමිලි එකට කතා කරන්නම්.. ඔයාලා මෙතන ක්ලියර් කරන්න.."


ඩොක්ටර් ෆෙන් එහෙම කියලා එළියට යද්දි ක්ලෝයි ආයම වතාවක් දැන් ටිකකට කලින් අන්තිම හුස්ම ගත්ත ඒ වයස්ගත කාන්තාව දිහා බැලුවා. ඇස් දෙක පියාගෙන තත්පරයක කාලයක් ගත්ත ක්ලෝයි සර්ජරි එක නිසා කාන්තාවගේ කපලා තිබුනු හම මහන්න ගත්තා. එයාගේ පපුවේ ඉදන් ටිකක් පහළට ඒ කැපුම කෙරිලා තිබුනා. මේ සර්ජරි එක ක්ලෝයිගේ නමවෙනි අවස්ථාව වගේම කලින් සර්ජරි දෙකකම එයා හම මහපු නිසා මේක එයාට අලුත් වුනේ නැහැ. වෙනසකට කියලා තිබුනේ කලින් එයා මැහුවේ පණ තිබුන සර්ජරි එක සාර්ථක වුන අයව. දැන් එයා මහන්නේ මැරැනු කෙනෙක්ගේ පපුවක්.

ක්ලෝයිගේ පළවෙනි සර්ජරි එක වගේම නමවෙනි සර්ජරි එකේදිත් මරණ දෙකක් සිද්ධ වෙලා. ක්ලෝයිගේ ඇස්වල කඳුලු නොතිබුනත් එයා හිටියේ අපහසුවකින්. මැහුම දාලා ඉවර කරපු ක්ලෝයි කෙලින්ම ගියේ සින්ක් ඒරියා එකට. ග්ලවුස්.. මාස්ක්.. කැප් වගේම ඔපරේශන් සූට් එකත් අයින් කරපු ක්ලෝයි එයාගේ මූණ හෝදගත්තා. ක්ලෝයි තියටර් රෑම් එකෙන් එළියට එද්දි සුපුරුදු විදියට අර කෑ ගැසීම් වගේම කඳුලු සැලීම් ටික දකින්න ලැබුනා. ක්ලෝයි මේ දිහා බලන් හිටියා. එයාගේ කලු පාට ඇස් මලානික වෙලා තිබුනා.

ඒ එක්කම ක්ලෝයිගේ ඇස් ගියේ එතනම හිටන් හිටපු ඇටෙන්ඩන් ගාවට. ඒ කෙනාගේ මුහුණ ⁣ක්ලෝයිට නොපෙනුනේ බොඩි එක ගාව වටවෙලා හිටපු එයාගේ ෆැමිලි එකේ අය නිසයි. ඒත් ඒ කෙනා දිහා ක්ලෝයි උවමනාවෙන් බැලුවේ එයාගේ දකුණු අතේ තිබුනු කලර්ඩ් ටැටු නිසයි. පළවෙනි දවසෙත් හිටියේ මේ ඇටෙන්ඩන්මයි කියන්න ⁣ක්ලෝයිට හිතුනේ එයාගේ පළල් උරහිස් වගේම පෙනුම නිසයි. ඒත් එදා එයා නිල් පාට හොස්පිට්ල් ශර්ට් එක ඇදන් හිටියේ යටට ඇන්ද අත් දිග සුදු පාට නෙක් ටර්ටල් ශර්ට් එකක් එක්ක.

අද ඒ සුදු පාට අත් දිග ටර්ටල් නෙක් ටී ශර්ට් එක නොතිබුන නිසා එයාගේ අත් නිරාවරණය වෙලා තිබුනා. ටැටු කියන්නේ සාමාන්‍යය දෙයක් උනත් ⁣ක්ලෝයි ඒ දිහා වැඩි වෙලාවක් බලන් හිටියා. ඒ එක්කම ඒ කෙනාගේ මුහුණ ක්ලෝයිට යන්තම් පෙනුනේ එයාලා අතර හිටපු කෙනා ටිකක් එහාට වුන නිසයි.

' ගෝඩ්... මේ මනුස්සයා හිනාවෙනවද.. හරිම අමුතුයි.....'

ක්ලෝයිට පෙනුනේ ඇටෙන්ඩන්ගේ තොල් අතර තිබුන පුංචි හිනාව. හිනාව කිව්වට ඒක ස්මර්ක් එකක් වගේ. තොල් අතර හිනියට ඇදිලා ගිය. ක්ලෝයි ලිෆ්ට් එක දිහාවට ගියේ ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා ඒ සිදුවීම අමතක කරලායි. එයාට ඕන කලා පුංචිම වෙලාවකට හරි එයාගේ හිතේ මැවුන ඒ ටැටුස් වගේම තොල් අතර තිබුනු අමුතු හිනාව අමතකම කරලා දාන්න.







 එයාට ඕන කලා පුංචිම වෙලාවකට හරි එයාගේ හිතේ මැවුන ඒ ටැටුස් වගේම තොල් අතර තිබුනු අමුතු හිනාව අමතකම කරලා දාන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




_________________________________

දවසකට සමහරක්විට දෙක තුනක් උපරිම දෙන්න පුලුවන් වෙයි.


කතාව ටිකක්........................ වගේ :-)

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now