දවස් දෙකක් ගත වෙලා ගියේ ක්ලෝයි බෙඩ් එක උඩම ගුලිවෙලා ඉද්දියි. එයා කෑම ගන්නනෙක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තිබුන නිසා ක්ලෝයි හිටියේ දුර්වල වෙලා. එයාගේ හම සුදුමැලි පාටටත්.. ලා රෝස තොල්... කම්මුල් මාලානික පාට වෙලා තිබුනා.
" මෙහෙම... ඉදලා ම..ම මො..නවා.. කරන්න..ද... අර... මනුස්සයා.. මාව මරලා දායි... නැ..ත්නම්.. ටික ටික.. ලේ නැති වෙලා මැරිලා.. යන්න.. ද.. "
ක්ලෝයිගේ එයාගේ වියලුනු තොල් වලින් හෙමින් මිමිණුවා. අපහසුවෙන් බෙඩ් එකෙන් බැහැගත්ත ක්ලෝයි තවමත් ඇඟේ තිබුනු එකම වයිට් කෝට් එකේ බට්න්ස් දාලා තිබුනත් එයා ඒක තද කරගත්තා. කලු පාට කර්ටන් අතරින් යන්තම් ඉර එළියක් එයාගේ මූණට වැටෙද්දි ක්ලෝයි බැල්කනි එක පැත්තට ගියා. ග්ලාස් ඩෝර් එක ඇරගෙන එයා බැල්කනි වැටට බර උනා. බැහැගෙන යමින් තිබුනු මළානික හිරැ එළිය ක්ලෝයිගේ මුහුණ මතට වැටිලා තිබුනා. අපහසු හුස්මක් ගත්ත ක්ලෝයි අඩි කිහිපයක් පහළින් තිබුනු ගාඩ්න් එක දිහා බැලුවා. එයා හිටපු තැනට යටින්ම තිබුනු පොළොව ගල් අතුරපු පොළවක්.
" මේ විදියට... මට බේරෙන්න විදියකුත් නැනේ..."
ක්ලෝයි එයාගේ අප්‍රාණික සිරැර ගැන හිතන ගමන් මිමිණුවා. එයාට පැනලා යන්න බෑ වගේම.. එයාට ඉන්න පුලුවන්කමකුත් දැනුනේ නැහැ. හිතට ආපු සිතුවිල්ල අහක නොදාපු ක්ලෝයි පහළ බලාගෙන හොඳ හුස්මක් ගත්තා. අතරින් පතර ගාඩ්ස්ලා එක්ක ඩොබර්මන්ලා එහෙ මෙහෙ ගියත් ක්ලෝයි ඒක ගානකට ගත්තේ නැහැ.
" ඉට්ස් ඕකේ... මේක විතරයි.. ඔයාට මේ පිස්සු මනුස්සයාගෙන් ගැළවෙන්න තියන එකම විදිය ක්ලෝයි.. "
බැල්කනි වැට අල්ලගත්ත ක්ලෝයි එයාගේ එක කකුලකට බර දීලා අනික් කකුල බැල්කනියෙන් එළියේ තිබුනු සිහින් තීරැවෙන් තියාගත්තා. කකුල තියාගන්න කොහෙත්ම ඉඩ නොතිබුන ඒ තීරැවට ක්ලෝයි එයාගේ අනික් කකුලත් ගත්තා. ක්ලෝයිගේ හදවත ඕනාවටත් වඩා බයෙන් ගැහෙද්දි එයා අත්වලින් බැල්කනි වැට අල්ලගෙන හිටියා.
" ඕ....වාව්....ඔයා මැරෙන්න ද යන්නේ..? "
එකපාරම ක්ලෝයිට ඇහුනේ පහළින් ආපු ටිකක් අමුතු සිහින් පිරිමි හඬක්. යන්තමින් ඒ දිහා බලද්දි ක්ලෝයිට පෙනුනේ දම් පාට කොන්ඩයක් තිබුනු ටිකක් මැර පාට කොල්ලෙක්. එයා එක අතකින් තොලත් මිරිකමින් ක්ලෝයි දිහා බලන් හිටියා. එයාගේ මූණේ තිබුනෙත් ජොන්කුක්ට සමාන ටිකක් වියරැ හිනාවක්.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.