නින්දෙන් ඇහැරැනු ක්ලෝයිට දැනුනා එයාගේ ඉන වටේට එතුණු සීතල යමක ස්පර්ශයක්. නිදිගැට කඩමින් ඇස් ඇරගත්ත ක්ලෝයි බෙඩ් එක පුරා ඇස් අරන් ගියා. ඩුවට් එක පොරවලා තිබුන නිසා උණුසුමක් තිබුනත් එයා ගාවින් එයාට දැනුනේ සීතලක්.
' ඕ....ගෝඩ් මේ මනුස්සයා....! '
තමන්ගේ ඉන වටේ ගිහින් තියන දරදඬු සීතල දේ ජොන්කුක්ගේ ටැටු කරපු අත කියලා තේරෙද්දි ක්ලෝයි ගැස්සිලා ගියා. ක්ලෝයි ජොන්කුක්ගේ පැත්ත හැරිලා එයාගේ මුහුණ දිහා බැලුවා. නින්දේ ඉන්න ජොන්කුක්ගෙන් පෙනුනේ කඩවසම් බවක්. නැගිටලා ඉද්දි තියන දරැණු හැඟීම් විරහිත මුහුණ ටිකකට එයාගෙන් ගැලවිලා ගිහින් තිබුනා. ජොන්කුක්ගේ නළල මතට වැටිලා තිබුන එයාගේ කොන්ඩේ.. ඝන ඇහිබැමි.. සිල්වර් පාට අයිබ්‍රෝ ප්‍රියසින් එක.. දිගටි නහය.. තද ලේ රතකට හුරැ තොල්.. ලිප් ප්‍රියර්සින්.. සිල්වර් ඉයර්රින්ග්ස්.. මේ හැමදෙයක් දිහාම ක්ලෝයි බලන් හිටියා. ජොන්කුක්ගේ ලිප් ප්‍රියර්සින් එක අල්ලලා බලන්න ආසාවක් ක්ලෝයිට ඇති උනත් එයා හිමින් ජොන්කුක්ගේ අත එහාට කරලා බෙඩ් එකෙන් බැස්සා.
ක්ලෝයිට මතක් උනා.. ඊයේ රෑ ඩිනර් එක වෙලාවේ එයා ඕනාවට වඩා ශැම්පේන් බීලා මත් වුන විදිය. ජොන්කුක්ගේ අත් එයා වටා කිසිම හැදියාවක් නැති විදියට එහෙ මෙහෙ යද්දි ඒ ආමාරැ හැඟීම් දරාගන්න ඕන නිසයි ක්ලෝයි ශැම්පේන් බිව්වේ. අන්තිමට දන්නෙම නැතුව ශැම්පේන් වීදුරැ තුනක් විතර අරගත්තම ක්ලෝයිට ජොන්කුක්ව පෙනුනෙත් දෙක වෙලා.
" හ්හ්.. ට්වීන්.. ජොන්කුක්ස්....."
ක්ලෝයි වැනි වැනි කියවන්න ගනිද්දි ජොන්කුක් හැමෝටම එක්ස්කියුස් කරලා ක්ලෝයි එක්ක රෑම් එකට ආවා. ක්ලෝයිව බෙඩ් එකෙන් දාලා ජොන්කුක් යන්න ගියත් ක්ලෝයි ජොන්කුක්ගේ අත් ගොබයක් කකුලු පැටියෙක් වගේ අල්ලන් ඉදලා.. මාව දාලා යන්න එපා කියලා කෙඳිරි ගාපු නිසා අන්තිමට ජොන්කුක් එහෙම්ම ක්ලෝයි ගාවින්ම වැතිරැනා.
එයා කරපු විකාර මතක් වෙද්දි ක්ලෝයිව ලැජ්ජාවෙන් රෝස පාට වෙලා ගියා. එයාගේ ගිනිගන්න වගේ තිබුනු කම්මුල්වලට එයාගේ අත් තද කරන ගමන් ක්ලෝයි බැල්කනි එකට ආවා. දවස් දෙකකට කලින් හිම වැටෙන්න පටන් අරගෙන තිබුන නිසා ගාඩ්න් එක තිබුනේ සම්පූර්ණයෙන්ම සුදු පාට හිමෙන් වැහිලා ගිහිල්ලා. වැඩිපුර නැතත් හිමි හිමින් හිම පියලි අහසේ ඉදන් කඩන් වැටෙන ගමන් තිබුනා. ඒ සීතලෙත් මැන්ශන් එකේ ගාඩ්ස්ලා ඩොබර්මන්ස්ලා එක්ක ගාඩ්න් එක පුරා ගියා. ක්ලෝයි හුස්මක් ගන්න ගමන් ඒ දිහා බලන් හිටියා. එයාගේ හුස්ම ඒ සීතල එක්ක හොඳින් එයාටම පෙනුනා. වැටෙන හිම පියලි දිහා බලන් හිටපු ක්ලෝයි බැල්කනි අත්වැටට බරදීලා හිම පියල්ලක් අල්ලගන්න ඉස්සරහට නැමුනා.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.