14. Ladybug

611 117 34
                                    

දවස් දෙකකට පස්සේ ක්ලෝයිට බෙඩ් එකෙන් බැහැලා ඇවිදගන්න පුලුවන් උනේ මේඩ්ලා ගෙනත් දුන්නු හැම කෑමක්ම කෑව නිසා වගේම ඩොක්ටර් දීලා ගියපු විටමින්ස් වගේම සේලයින් නිසයි. ක්ලෝයිට මේවා මඟඅරින්න බැරි උනේ ජොන්කුක්ගෙ අලු පාට ඇස් නිතරම එයාට යොමු වෙලා තිබුන නිසයි. විනාඩි කිහිපයකට නොපෙන්න හිටියත් සැරින් සැරේ ජොන්කුක් ක්ලෝයි ඉස්සරහ මතු වෙන විදියට මුලින් මුලින් ක්ලෝයි බය උනත් දැන් ඒක එයාට පුරැදු වෙලා තිබුනා.


" ජො... ජොන්කුක්......"


රෑම් එකෙන් එළියට යන්න ගිය ජොන්කුක් නැවතුනේ ක්ලෝයි එයාට කතා කරපු නිසයි. ඇහිබැමක් උස්සන ගමන් ජොන්කුක් ක්ලෝයිට බැල්මක් දුන්නේ ඇයි කියලා අහන්න මහන්සි නොවීයි.




" ..දැන් මට හොඳයි...නේ.. මට යන්න දෙනවද..? "



ජොන්කුක්ගේ ඇස් දිහාම බලාගෙන ක්ලෝයි කිව්වා. එයාගේ සිරැරට කලින් තිබුනා වගේම හොඳක් දැනෙන නිසා ක්ලෝයිට ආපහු යන්න ඕනකම තදින්ම දැනුනා. ක්ලෝයි දිහාම බලන් හිටපු ජොන්කුක් දිවෙන් එයාගේ ඇතුල් කම්මුල් තෙරපන ගමන් ක්ලෝයි ගාවට ඇවිදන් ආවා. ජොන්කුක් තමන්ට ළං වෙන්න ළං වෙන්න ක්ලෝයි පිටිපස්සට අඩියක් ගානේ තිබ්බා..ජොන්කුක් එයා ගාවට ළං වෙද්දි ක්ලෝයිගේ හිත බයෙන් වේගවත්ව ගැහුනා. රෑම් එකේ තිබුනු මිරර් ටේබල් එකට එයාව හිරවෙද්දි ක්ලෝයි අත්වලින් තදින් මිරර් ටේබල් එක අල්ලගත්තා. ජොන්කුක් එයාගේ දකුණු පැත්තේ කම්මුල් උරහිස්වලට ළං වෙද්දි ක්ලෝයි එයාගේ තොල් හපාගෙන ඇස් පියාගත්තා.





" යන්න... පුලුවන්... "






ක්ලෝයිගේ කන්පෙතිවලට මුමුණපු ජොන්කුක් එයාගෙන් ඈත් වුනේ ක්ලෝයිගේ කොන්ඩ ගස් අතර හිටපු පුංචි ලේඩිබග් කෙනෙක්ව එයාගේ ඇඟිල්ලකට අරගෙනයි.






" මගේ අය ඔයා ගාව ඉදි... මාව කේන්ති ගස්සන දේවල් කරන්න එපා.. මිසිස්.. ජෝ....න්.."





" මො...මොකා...? "








ජොන්කුක් කිව්වේ එයාගේ මුහුණට සුපුරුදු වියරැ හිනාව අරගෙනමයි. ක්ලෝයි පුදුමයෙන් එයා දිහා බලන් ඉද්දි ක්ලෝයිගේ අතක් අල්ලගත්ත ජොන්කුක් එයාගේ ඇඟිල්ල උඩ එහා මෙහා ගිය රතු පාට ලේඩිබග්ව ක්ලෝයිගේ අතින් තිබ්බා.





THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now