ජොන්කුක් ක්ලෝයිව මාක් කරලා පැය දහයකට පස්සේ එයා ඇස් ඇරියා. සිරැරෙන් දැනෙන වේදනාව දරාගන්න බැරි වෙද්දි කෙදිරිල්ලක් තියන්නත් බැරි වෙද්දි ක්ලෝයිගේ ඇස්වලින් කඳුලු කඩන් වැටුනා.
" ක්ලෝයි........ "
වෙච්ච දේවල් පැහැදිලිව නැතත් තැනින් තැන මතක ක්ලෝයිට මතක් වුනා. ටේලර්.. එයා හිතපු කෙනා නෙවෙයි.... වගේම ජොන්කුක්ගෙ වචනවලට එයා කීකරැ උනේ නැති නිසා ජොන්කුක් තරහා ගත්ත හැටි... අන්තිමට ජොන්කුක්ගේ ස්පර්ශ.. සිපගැනීම්.. ඒ හැමදෙයක්ම එක්ක එයා ජොන්කුක්ගේ වුනු එක... ක්ලෝයිගේ ඔලුවට බොඳවුනු මතක විදියට ගලන් ආවා. එයා වැරැද්දක් කලා.... වගේම ඒක එයාට දැනුනා. ' ජොන්කුක් ' එයාගේ හිත කෑ ගැහුවා. ජොන්කුක්ගේ කටහඬ අහන්න උවමනාවකින් ක්ලෝයිගේ හිත දැගලුවත් එයාට ඇහුනේ ජොන්කුක්ගේ මමාගේ හඬ. බොඳ වුනු ඇස් එක්ක එයා මමා දිහා බලද්දි ජොන්කුක්ගේ මමා හිටියේ වදවෙන මූණකින් එයා දිහා බලාගෙන.
" දෙ..යියනේ.. මගේ පැටියො....."
ජොන්කුක්ගේ මමාගේ ඇස්වල තිබුන ආදරය.. දුක වගේම අනුකම්පා සහගත හැඟීම් නිසා ක්ලෝයිගේ ඇස්වලින් පෝළිමට කඩන් වැටුනා. එයා කතා කරන්න උත්සහ කලත් ක්ලෝයිට තවම හඬ පිට කරන්න පුලුවන් උනෙත් නැහැ.
" ඉට්ස්.... ඕකේ... ඉට්ස්.. ඕකේ.. කතා කරන්න පුලුවන් අපිට පස්සේ හරිද.. අපි මුලින්ම ටිකක් හොඳ වෙලා නැගිටිමුකො.."
ක්ලොයිගේ අතක් අල්ලගෙන නළල පිරිමදින ගමන් කිව්ව ක්ලෝයිගේ මමා කිව්වා. එයාගේ හැඟීම් පිරැනු කටහඬ... වගේම නළලට ලැබුනු රැකවරණයක් දැනුන හාදුව නිසා ක්ලෝයි කඳුලු ගලන ඇස් වහගත්තා. ක්ලෝයි ඉන්නේ අසනීපෙන්.. වේදනාවෙන්.. හිතින් වගේම ගතිනුත්. සිරැරෙන් දැනෙන වේදනාවට.. වඩා ජොන්කුක් නිසා එයාගේ හිත රිදිලා. ඒකට හරිහමන් හේතුවක් නොදැන හිටියත් ජොන්කුක්ව දකින්න.. ඒ සීතල ස්පර්ශය ක්ලෝයිට ඕන කලා. ජොන්කුක් ගාවදි දැනෙන ඒ උණුසුම් ආරක්ෂාකාරි හැඟීම ක්ලෝයිට ඕන කලා. එයාගේ මමා හරි එයා ගාව ඉන්න එක ගැන ක්ලොයිට පුංචි සහනයක් ගෙනවා.
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.