ක්ලෝයි හිටියේ ටැක්සි එකක ජනේලේ ගාවින්ම වාඩි වෙලා. තරමක වේගයෙන් පහුවෙන දේවල් දිහා එයා ඔහේ බලන් හිටියත් එයාට මතක් උනේම රතු පාට නියෝන් එලි මැද වියරැ විදියට හිනාවුන ඇටෙන්ඩන්ව. ඇස් දෙක වහලා මොන තරම් සන්සුන් වෙන්න උත්සහ කලත් සැරින් සැරේ එයාගේ මතකෙට ආවේ රිදි පාට බේස්බෝල් බැට් එකෙන් ඇටෙන්ඩන් තරැණයන්ට පහර දුන්නු හැටි. ඒ අය ජීවත් වෙන්නැති වෙයි කියලා ක්ලෝයිට හිතුනා. මිනිමරන මේ ඇටෙන්ඩන් ගැන ක්ලෝයිට දැනුනේ හරිම ගුප්ත හැඟීමක්.
" ලොකේශන් එක වෙනස් කරන්න... සිටි හොස්පිට්ල් එකට යමු..."
ටැක්සි එකේ ඩ්‍රයිවර් දිහා බලන ගමන් ක්ලෝයි කිව්වා. එයාට තනියම ටැක්සි එකක අපාට්මන්ට් එකට යන්න උනේ මැකනික් එක්ක බයික් එකේ ටයර් එක මාරැ කරන්න ටේලර් නැවතුන නිසයි. එයා එතන ඉදලා තේරැමක් නැ.. ඒ වෙද්දි රෑ දොළහත් පහුවෙලා තිබුනේ. ඇරත් ක්ලෝයිව එතන තියාගන්න ටේලර් කැමති උනේ නැහැ. ඒ ස්ටේඩියම් එක ගැන වගේම ඒ පැත්ත ගැනත් කිසිම පැහැදීමක් එයාට තිබුනේ නැහැ.
සිටි හොස්පිට්ල් එක ගාවින් ටැක්සි එක නතර කලාම ක්ලෝයි එයාට පේ කරලා ඉක්මනින් ඇතුළට ආවා. එයාගේ රෑම් එකට ආව ක්ලෝයි ඉක්මනින් ලැප් එක ඔන් කලා. හොස්පිට්ල් ස්ටාෆ් ලිස්ට් එකට ගිය ක්ලෝයි මේල් ඇටෙන්ඩන්ස්ලා අතර ඒ රෑපය හෙව්වා. එයාට ඕන කරන තැනදි එයා ඒ ඇටෙන්ඩන්ගේ ඩීටේල්ස් ටික ඕපන් කලා.
Jeon Jungkook
Age : 26
Attendant Post ( Charge in Morgue )" ජොන් ජොන්...කුක්....."
ක්ලෝයිගෙ දත්වලට එයාගේ යටිතොල තද උනා. ඇටෙන්ඩන් ජොන්කුක්ගේ රෑපේ දිහා ක්ලෝයි විනාඩි ගානක් බලන් හිටියා.
" තමුන් මොකාද කියලා මම හොයාගන්නම්....! "
ක්ලෝයි එයාගේ ෆෝන් එක අරගෙන එයාගේ හොඳම යාලුවෙක් උන ටේහ්‍යුන්ට කෝල් එකක් ගත්තා.
" හලෝව්... ලේඩි ඩොක්ටර්... මොකද මේ මාව මතක් වෙලා..."
" ටේහ්‍යුන්.. අයි නීඩ් යුවර් හෙල්ප්... ඔයාට කෙනෙක්ගේ පොටො එකක් එක්ක නේම් එකයි ඒජ් එකයි දැම්මා... මට එයා ගැන විස්තර ටිකක් හොයලා දෙන්නකො.."
" ඕප්ස් කවුද මේ... ඔයාට මේ තරම් ඉන්ට්‍රෙස්ට් එකක් තියන හාදයා.. ක්‍රශ් එකක්වත් ද..? "
" ආා... එහෙම එකක් නෑ... හොයලා දෙනවාකො...!!! "
" ඕකේ.. ඕකේ... හෙට හවස් වෙද්දි වගේ දාන්නම්... හරිනේ... "
" තැන්ක් ටේහ්‍යුන්..."
කිම් ටේහ්‍යුන් කියන්නේ ලෝකේට පේන වදකාර මිඩියා කාරයෙක් උනාට හොද හැකර් කෙනෙක්. ක්ලෝයි විශ්වාස කලා ටේහ්‍යුන්ට ජොන්කුක් ගැන මොනා හරි දෙයක් දැනගන්න පුලුවන් වෙයි කියලා.
" මම මේ මොනවා කරනවද.. මන්දා..."
ක්ලෝයි එයාටම මුමුණ ගන්න ගමන් ලිෆ්ට් එකට නැග්ගේ පහළට යන්න. එයාගේ ශිෆ්ට් එක ආයෙත් පටන් ගන්නේ හෙට හවසට නිසා අපාට්මන්ට් එකට ගිහින් ටිකක් නිදාගන්න එක හොඳයි කියලා එයාට හිතුනා. ඇරත් අර වගේ සිදුවීමක් ඔලුවේ තියෙද්දි එයාට තරමක කම්පනයක් තිබුනා.
___________________________________
හනේඑඑඑ දෙයියනේඑඑඑ.... 🥺😫❤️
තැම්කු පැටියො.... CHATHUDON25
කාලෙකින් පිම්සු හැදෙන කවර් එකක්...... හම්බුනේඑඑ.... 😚 මම මේකට හුඟක් කැමති අයියො.. 😫❤️පුලුවන් උනොත් තව එකක් දෙන්නම් :-)
YOU ARE READING
THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED
Fanfiction" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.