13. Jeon's' Madness

647 131 30
                                    

රෑම් එකෙන් එළියට ඇවිත් දොර වහපු ජොන්කුක් එතනම ටිකක් නැවතිලා දොරට හේත්තු උනා. ඇස් පියාගෙන ගැඹුරැ හුස්මවල් කිහිපයක් ගත්ත ජොන්කුක් දැන් ක්ලෝයි ඉන්න එයාගේම රෑම් එකේ ඩෝ එක දිහා බැලුවා.

' මං එයාව රිද්දුවා වැඩි...'

' ඒ නිසාද මට මේ තරම් රිදෙන්නේ...? '

ජොන්කුක්ගේ අලු පාට ඇස්වල වේදනාවක් හිර වෙලා තිබුනා. ජොන් ජොන්කුක්... එහෙමත් නැත්නම් දැනට ලෝකේ පුරා ඉන්න හැම වැම්පයර් කෙනෙක්ගෙම කින්ග් කියන්නේ එසෙ මෙසෙ කෙනෙක් නෙවෙයි. මීට අවුරැදු ගානකට කලින් වැම්පයර්ස්ලාගේ පළමු පුරැක විදියට පහළ වුන කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ උරැමය අරන් යන එකසියවිසිහත් වෙනි කෙනයි ජොන්කුක් කියන්නේ.

සාමාන්‍ය වැම්පයර් වරයෙක්ට වඩා අවුරැදු ගානක් කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ හිමි අය ජීවත් වෙනවා. අවුරැදු දාහක ආයුෂක් එක්ක ඉපදෙන ඒ අයට අනිවාර්යයෙන්ම මේට් කෙනෙක් ලැබෙනවා. කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ උරැමය තියන අයටත් සාමාන්‍යයෙන් වැම්පයර් කෙනෙක්ට වගේ ලේ උවමනා උනත් එයාලට බලය පවත්වගන්න පාවිච්චි කරන්න පුලුවන් තමන්ගේ මේට්ගේ පිරිසිදු ලේ විතරමයි. ඒ නිසා කොයිතරම් කල් ගියත් තමන්ගේ මේට් තමන්ට ලැබෙනකල් කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ උරැමය තියන වැම්පයර් කෙනෙක් ඉන්න ඕනේ. ඒ විදියට ගත්තම ජොන්කුක්ට සිද්ධ වුනා අවුරැදු හාරසිය විසිහතක් බලන් ඉන්න. මොකද ක්ලෝයි එයාගේ ඇස් ඉස්සරහට එන්න ඒ තරම් කාලයක් ගත වුනා.

සාමාන්‍යයෙන් වැම්පයර් මේට් කෙනෙක් අවුරැදු දෙසීයක් ගියාම ලැබුණත් ජොන්කුක්ට ඒක එහෙම උනේ නැහැ. ඒ වෙද්දි ජොන්කුක්ට තේරැම් ගියා එයාගේ මේට් කොහෙත්ම වැම්පයර් කෙනෙක් නෙවෙයි කියලා. මොකද මේට් නියමිත කාලයේදි හම්බුන්නැත්නම් අනිවාර්යයෙන් ම ඒ මේට් සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. මීට අවුරැදු ගානකට කලිනුත් එහෙම මනුෂ්‍යයෙක් මේට් වුන වැම්පයර්වරැ ඉදලා තියනවා. ඒ නිසා ඒක ගැන දැනුමක් ජොන්කුක්ට තිබුනා.

වැම්පයර් කින්ග් විදියට සාමාන්‍ය වැම්පයර් කෙනෙක්ට වඩා වැඩි බලයක් ජොන්කුක්ට තියනවා. ඒත් ඒ බලය ස්ථාවර වෙන්න නම් ජොන්කුක්ට තමන්ගේ මේට්ගේ ලේ ලැබෙන්න ඕන. එතකොටයි එයා පරිපූර්ණ විදියටම කවුන්ට් ඩ්‍රැකියුලාගේ ලේ උරැමක්කාරයෙක් විදියට වැම්පයර් කින්ග් වෙන්නේ. ක්ලෝයිව හරියටම දකිද්දි ජොන්කුක්ගේ මුලු ඇඟම හිරි වැටිලා ගියා වගේම එයාගේ අලු පාට ඇස් වල රීදි රේඛාවක් ඇදිලා ගියා. ජොන්කුක්ගේ වැම්පයර් හදවත ඒ තමන්ගේ මේට් කියලා සහතික කලාම ජොන්කුක්ට වියරැවෙන් වගේ ක්ලෝයිගේ බ්ලඩ් සෙන්ට් එක දැනුනා. ක්ලෝයිගේ ලේ රස ජොන්කුක් දැනෙද්දි.. ඒ ලේ එයාගේ නහරවල ගමන් කරද්දි ජොන්කුක්ට දැනුනා අවුරැදු ගානක් ⁣අසම්පූර්ණව තිබුන එයාගේ බලය සම්පූර්ණ වුනා කියලා. ක්ලෝයිගේ බ්ලඩ් සෙන්ට් එක ජොන්කුක්ව තව තවත් එයාටම ඇදගත්තා.

THE JEON OF COUNT DRACULA'S' || JJK || COMPLETED Where stories live. Discover now